IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කේරළ ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර  මල්ලවආරචචි)
 
මළ ගෙදරක යෑමට  ඉල්ලාගත් නවීන පන්නයේ මෝටර්  රියකින් රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා  කේරළ ගංජා ප‍්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු   වීදියවත්ත ප‍්‍රදේශයේ පොලීස් මාර්ග බාධකයකදී අද (6)  අත්අඩංගුවට ගත් බව  වීරගුල පොලීසිය කියයි.
 
කැළණිය  ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 22 සහ 29 වියේ පසුවන  දෙදෙනකි.
 
ඥාතියෙකුගේ මෝටර් රථය මළ ගෙදරක යාමට යැයි පවසා  මෝටර් රථය ඉල්ලාගෙන ඇති අතර   ගංජා තොගය ත‍්‍රීකුණාමලය පුදේශයේ ගැනුම් කරුවෙකු වෙත රැගෙන යමින් සිට ඇති බවට මූලික පොලීස් පරීක්ෂණ වලදී අණාවරනය වී ඇත.
 
පොලිසිය රථයපරීක්ෂා කරද්දී එක් අයෙකු තම පෙම්වතිය හමුවීමට යන බව පවසා පොලිසිය මග හැර යාමට උත්සාහ ගෙන ඇතැයිද පොලිසිය කියයි.
ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය මොටර් රථයේ ඉදිරි පස ආසන දෙක අතරේ කබායකින් ඔතා තිබියදී හමුවී ඇත.



අදහස් (0)

කේරළ ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 338 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site