IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කේරළ ගංජා සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි

(දිල්රුක්ෂි ග්‍රේරු)
 
මන්නාරම උලුක්කුලම ප්‍රදේශයේ කළ වැටලීමකදී ලක්ෂ හතලියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවකු අත්ඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වව්නියාව පරයානම්කුලම් විශේෂ කාර්ය බලකා සෙබළුන් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.

 සැකකරු සතුව තිබී කේරළ ගංජා  කිලෝග්‍රෑම් 130 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

වව්නියාව පරයානම්කුලම් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී  ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.සී.ඒ.එස් සිල්වා ඇතුළු නිලධාරන් පිරිසක්  මෙම වැටලීමට එක් වු අතර  වව්නියාව කළාප අණ දෙන නිලධාරී  පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කළහ.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කෙරෙන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරු වව්නියාව පොලිසියට බාර දි තිබේ.
 


 



අදහස් (0)

කේරළ ගංජා සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site