(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුරයේ ගංජා අලෙවි කිරීමේ ජාවරමක ප්‍රධාන සැකකරු යැයි සැකකරන පුද්ගලයෙකු කේරළ ගංජා කිලෝග්‍රෑම් 6ක් ග්‍රෑම් 900ක් සමඟ රත්නපුර මාරපන පහලවෙල ප්‍රදේශයේ නිවසකදී අද(14) අත්ඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.
සැකකරුගේ ගෙවත්තේ මෙම කේරළ ගංජා තොගයෙන් කොටසක් ප්ලාස්ටික් නල පද්ධති, ඇසුරුම්වල බහා තිබූ බවත්, තවත් කොටසක් ආනයනය කළ පාර්සලයක තිබූ බවත් පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවසුවේය.
මේවා රත්නපුර පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් වැඩිම කේරළ ගංජා තොගය බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය. මෙම ගංජා කොළඹ ප්‍රදේශයේ පුදගලයෙකුගෙන් ලද ඒවා බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත.
මැතිවරණ කාල සීමාවේදී සූක්‍ෂම ලෙස අලෙවිය පිණිස සූදානම් කර තිබූ ගංජා තොගයක් බවට පොලිසිය සැකකරයි.
සැකකරු රත්නපුර, මාරපන, ඇලපාත, රත්නපුර මහජන පොළ, ගැටන්ගම වැනි ප්‍රදේශ ඉලක්කගත කරමින් කාලයක් තිස්සේ කේරළ ගංජා අලෙවි කර ඇතිබවට පොලිස් පරීක්‍ෂණවලදී තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
පාර්සලයේ තිබූ කේරළ ගංජා තොගය දවටන ලද ඇසුරුම ඉන්දියාවේ භාවිත වන භාෂාවකින් මුද්‍රිත පුවත්පතක පිටු බවද, කේරළයේ මුද්‍රිත පුවත්පතක පිටු බවද පොලිසිය සැකකරයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කේරළ ගංජා කිලෝ 6ක් සමඟ අයෙක් අත්අඩංගුවට