(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
පනාගොඩ හමුදා පාසලේ කාර්යාල කාර්ය සහයකවරයාට මරණීය තර්ජනය කර ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 1000ක මුදලක් කොල්ල කා පලාගිය පුද්ගලයන් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.
සහායකවරයා සිය නිවස කරා යාමට ගොඩගම බස් නැවතුමේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු ඔහුව අතුරුගිරියට ඇරලීමට හැකි බව කියමින් යතුරුපැදියට නංවාගෙන ඇත.
පසුව අනෙක් පුද්ගලයා ද මද දුරක් ගොස් එයට නැග කාර්යාල සහායකවරයාව කොම්පයාහේන ප්‍රදේශයට ගෙන ගොස් ඔහුගේ මුදල් කොල්ල කා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd