(ඩී. ජී. සුගතපාල)
ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළඳී මියයාමත් සමඟ කෝපයට පත් ප්‍රදේශයේ ජනතාව ඉකුත් සිකුරාදා(12) ගාල්ල කරාපිටිය මාර්ගය අවහිර කරමින් අලුතෙන් ඉදිකරගෙන යනු ලබන පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලකට සහ එහි උපකරණවලට ගිනි තබා හානි කිරිමේ සිද්ධියේ දර්ශන පොලිසියට ලබාදෙන ලෙසට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා අද (16) රූපවාහිනී ආයතනවලට නියෝගයක් නිකුත් කළේය.
වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ ගාල්ල පොලිසිය කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවය.
ඉකුත් 4වනදින හිරිඹුර ප්‍රදේශයේ පස් හැවිරිදි පිරිමි ළමයෙකු ඩෙංගු රෝගයෙන් මියගිය ඇති අතර ඔහුගේ අට හැවිරිදි සොහොයුරාද ඩෙංගු රෝගයෙන් 12වන දින මිය ගියේය. ඒ සමඟ කුපිතවු ජනතාව ගාල්ල කරාපිටිය මාර්ගයේ ටයර් පුළුස්සා අවහිර කළ අතර මේ නිසා කරාපිටිය රෝහලට යාමට පැමිණි රෝගීන් ඇතුළු විශාල පිරිසක් අපහසුවට පත්වූහ. ගාල්ල වඳුරඹ, ගාල්ල- මාපලගම, ගාල්ල -යක්කලමුල්ල, ගාල්ල- අක්මීමණ ආදි මාර්ගවල ගමන් ගන්නා වාහනවලටද ගමන් කිරීමට නොහැකිවීම නිසා විශාල වාහන තදබදයක්ද පැවතිණි.
එහි පැමිණි ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකකටද විරෝධතාකරුවන් පහරදීම එක් රථයකට අලාභ හානි සිදුවිය. විරෝධතාකරුවෝ ඩෙංගු මදුරුවන් බෝවන්නේ ඒ අසළ ඉදිකරමින් පවතින පුද්ගලික රෝහල් වැඩ බිමකින් බව පවසා ඊට ඇතුළු වී ගොඩනැගිලිවලට සහ ඉදිකිරීම් සමාගමේ යන්ත්‍ර සූත්‍රවලටද ගිනි තැබූහ.
මෙම සිද්ධියෙන් පසුව සිදුවූ අලාභ හානි සම්බන්ධයෙන් ඒ ඒ ආයතන විසින් පැමිණිලි කර ඇති අතර සිදුව ඇති අලාබ පසුව ලබාදියයුතු බවද පැමිණිලිකරුවෝ පවසා ඇත.
එම පැමිණිලි අනුව අධිකරණයට කරුණු වාර්තාකර විරෝධතාවේ දර්ශන ලබා ගැනීම සඳහා රූපවාහිනි ආයතනවලට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කරන ලද ඉල්ලීම සළකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
2025 නොවැම්බර් මස 17
117
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
963
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2571
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කරාපිටිය රෝහලකට හානිකිරීමේ දර්ශන පොලිසියට ලබාදෙන්නැයි නියෝග
de silva berlin Tuesday, 16 April 2019 03:34 PM
දොස්තර මාෆියාව පසුගිය කාලයේ ක්‍රියාකළ ආකාරය සහ රජයට ඔවුන්ව පාලනය කිරීමට බැරිබව දැක්කම මිනිසුන්ට ඉතාමත් කලකිරීමක් ඇතිවෙලා, මිනිස්සුන්ගේ කලකිරීම කෝපයකට හැරිලා, මිනිස්සු නිතිය අතට අරන් පුද්ගලික රෝහල්, චැනල් කඩ, දොස්තරලට සහ ඔවුන්ගේ දේපල වලට පහර දෙන්න පටන් අරන්. මේවා උසාවි පොලිසි ගිහින් විසදන්න බැරිය විශාල ආකල්පමය වෙනසක් සිදුවිය යුතුය. දොස්තරලා යුරෝපයේ සහ කියුබාවේ කරන විදිහට පුරවැසියන්ට කාරුණිකව හොඳින් කතා කර සොයා බලා ප්‍රතිකාර කිරීමටත්, ජිවිත අනතුරේ දමමන් මුදල් පසුපස දිවීම නතර කිරීම් සහ තම වාසිය තකා කරන රෝගී ජිවිත අනතුරේ දමමින් කරන අසාධාරණ වර්ජන නතර කිරීමට කාලය පැමිණ ඇත, නැත්නම් ඉදිරියටත් දිගින් දිගටම මෙවැනි පහරදීම් සිදුවී , විශාල අර්බුදයක් ඇතිවිය හැක