IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැනඩා රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට


 (එම් .සුසිල් ප්‍රියන්ත සහ සුමතිපාල  දියගහගේ )


අහුංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක චිවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් තරුණයින්ට කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා  රුපියල් කෝටි හතරක් පමණ වංචා සහගත ලෙස ලබාගෙන  ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිටි අයෙකු පෙරේදා (11 )මාරවිල සංචාර හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.


 ඔහු විසින් වංචා සහගත ලෙස ලබාගන්නා ලදැයි කියන රුපියල් එක්කෝටි අට ලක්ෂ විසිදහසක මුදල් ,ලක්ෂ පහක පමණ රන් ආභරණ , ලක්ෂ හැත්තාවක් පමණ වටිනා ජීප් රථයක් හා ,ජංගම දුරකථන පහක් ද ඔහු  සමඟ  පොලිස් බාරයට ගෙන තිබේ. 


සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇද සිටි චිවරය ඉවත්කොට කලිසමකින් හා කමිසයකින් මාරවිල හෝටලයක සිටි බවත් තමන් එම හෝටලය වටලන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කරමින් සිට බවත් පසු දින කැනඩා බලා පිටත් වීමට සියලු කටයුතු සුදානම් කර ගෙන  තිබු බවත් පොලිසිය සඳහන් කළේය.


      කැනඩාවේ විශ්වවිද්‍යාලයක  මහාචාර්යවරයකු ලෙස  සේවය කර ඇති තමාට පහසුවෙන්ම ඒ රටේ රැකියාවන් ලබාදිය හැකි බව පවසමින් සැකකරුරැදී  සිටි අහුන්ගල්ල විහාරස්ථානය හා ඒ අවට තරුණයින් රවටා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ පහ දක්වා වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිස් බල ප්‍රදේශයෙන් පමණක් පැමිණිලි 18ක් හා ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයෙන් පැමිණිලි 9ක් තිබෙන බවත් මේ ආකාරයට සැකකරු රුපියල් ලක්ස හාරසියයක් පමණ මුළු ලංකාව වටේම තරුණයින්ගෙන් එකතුකරගෙන ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවූ බවත් පොලිසිය කියයි .
 



අදහස් (0)

කැනඩා රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site