(කුෂාන් ජයවර්ධන)
ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක කොන්ක‍්‍රීට් කණුවක් ඇඟට කඩාවැටීමෙන් පලාගල බුදුගේහින්න මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවකු අද (09) මරණයට පත්වී ඇති බව ගල්කිරියාගම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පලාගල බුදුගේහින්න මහ විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි කලූආරච්චිලාගේ සසිඳු නිෂාන් කරුණාතිලක නමැති 16 හැවිරිදි සිසුවෙකි. ඔහු දේවහූව වටගල ප‍්‍රදේශයේ පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
පාසැල නිමවී ක‍්‍රීඩා පුහුණුවක් අතරතුරදී එම සිසුවා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා ඇතැයි පොලිසිය කියයි.
කොන්ක‍්‍රීට් කණුවට යටවීමෙන් බරපතළ තුවාල ලබා ඇති සිසුවා ප‍්‍රතිකාර සඳහා ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමට එහි සිටි පිරිස් කටයුතු කර තිබිණ. සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි සිසුවා රෝහල් ගතකරන අවස්ථාවේ දී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd