
(ප්‍රියාණි මංගලිකා)
කොටවෙහෙර, කුදරවාලිය විද්‍යාලයට අද (22) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් පාසැලේ තිබු ගහ කොළ මෙන්ම දේපලවලට ද හානි කර ඇත.
පාසැල් දරුවන් විසින් සිටුවන ලද අඹ, පේර, කොස් ඇතුළු විවිධ ගස් වර්ග ද පාසල් ගෙමිදුලේ වවා තිබු මල් වර්ග ද, පාසලේ පුවරුවලට ද හානි කර තිබේ.
රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේ ද මෙම පාසැල් ක්‍රීඩා පිටියට වල් අලින් පැමිණෙන බැවින් දරුවන් පාසැල් එවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද මව්පියවරු කියති.
පාසැලේ ගුරු භවතුන් අදහස් දක්වමින් කියා සිටියේ පවතින තත්වය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ද විශාල ගැටලුවක් පවතින බවය.
දරුවන් හා ගුරුවරුන් වල් අලින් විනාශ කළ දෑ ඉවත් කිරීමට සහ ඒවා යථා තත්වයට පත් කිරීමට මහත් වෙහෙසක් ගන්නා අයුරුද දක්නට ලැබුණි.
කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, කොටවෙහෙර ප්‍රදේශයේ සිටි වල්අලි රංචුවෙන් කොටසක් මෙහෙයුමක් මගින් ඉඟිණිමිටිය රක්ෂිතයට රැගෙන ගිය බවත්, ඉතිරි කොටස ද ඉතා ඉක්මණින් රැගෙන යාමට පියවර ගන්නා බවත් ය.





2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුදරවාලිය විද්‍යාලයට කඩාවැදීම වල් අලි පුරුද්දක් කරගනිති