IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කතරගම දේවාලයේ ඉල් මහ පෙරහර වීදී සංචාරය කරයි

(එම්.කේ. නන්දසේන සහ කේ. ඩී. දේවප්‍රිය)
 
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව පවත්වනු ලබන ඉල් මහ මංගල්‍යය පෙරහර උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
 
මෙම පෙරහර  දුටුගැමුණු රජු සමයේ සිට පැවත එන පෙරහරකි.
 
වැඩ බලන බස්නායක නිළමේ  දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුළ පැවැත්වීමට නියමිත අවසන් පෙරහැර මෙම පෙරහැර බැවින් ඒ මහතා නිළ ඇඳුමින් සැරසී පෙරහැරේ ගමන් කිරීම මෙවර  විශේෂ සිද්ධියක් විය.
 
වත බැඳ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ආරම්භවූ පෙරහැර අෂ්ඨඵල බෝධිය, මහදේවාලය වටා ප්‍රදක්ෂිණාකොට ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්විය.  මෙලෙස පිටත්වූ පෙරහර ප්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අමිමා දේවාලය වෙත ගමන්කර  චිරාගත පූදසිරිත් ඉටුකරනු ලැබිය.ඉන් අනතුරුව නැවත එම වීදිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිළමේ  කාර්යාලය අභියසින් මහදේවාලය වෙත ගෙවදීමෙන් පසු ඉල් මහ මංගල්‍යය පෙරහැර රාත්‍රී 12 ට පමණ නිමාවට පත්කෙරිණ.
 
මහදේවාලයේ ප්‍රධාන කපුධුරන්දර සොමිපාල ටී රත්නායක මහතාගේ උපදෙස් මත දේවාලයේ සහ පෙරහැරේ තේවා කටයුතු සිදුකෙරිණි.

(ඡායාරූප - කේ. ඩී. දේවප්‍රිය)

(ඡායාරූප - එම්.කේ. නන්දසේන)

 



අදහස් (0)

කතරගම දේවාලයේ ඉල් මහ පෙරහර වීදී සංචාරය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site