(එස් .ඩී.කොඩිකාර )
කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු පවුල් 115 කට වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් අද (30) දෙනියාය පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.
දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ඌරුබොක්කේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරණි.
අති දුෂ්කර ප්‍රදේශයක් වූ විහාරහේන සිංහරාජ ප්‍රදේශයේ වතු කම්කරුවන් වෙනුවෙන් මුලින්ම මෙම වියළි සලාක ලබාදීම සිදුකෙරිණි.
රුපියල 2000 ක් වටිනා එක් වියළි සලාක මල්ලක හාල්, පරිප්පු ,අල,ලූනු ,බිත්තර ,බිස්කට් ,නූල්ඩ්ස් ,සෝයා මීට්,සීනි,සැමන් සහ පිටි අඩංගුව තිබුණි.
මෙදේරිපිටිය ,පල්ලෙගම, බටාඳුර, හෑන්ෆර්ඩ් , ගංගොඩ, වතුරාව, කොලවෙනිගම ,කොටපොල සහ දොඹගොඩ ආදී ප්‍රදේශවල තෝරාගත් පවුල් කිහිපයක් සඳහා ද මෙම වියළි සලාක බෙදා දීමට නියමිත බව කොටපොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් සහෝදරයා.