IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් විදුහල්පතිවරුන්ට බලපෑම්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ සහ නඩත්තු කිරීමේ කොන්ත්‍රාත් සිය සගයන්ට ලබාදෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විදුහල්පතිවරුන්ට බලපෑම් කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

උතුරු මැද පළාතේ පාසල් සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමට සහ පැරණි ගොඩනැගිලි සංවර්ධනය කිරීම සඳහා පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

මේ සඳහා පළාත් සභා අරමුදලින් රුපියල් මිලියන 110 ක් වෙන් කර ඇති අතර අදාල ව්‍යාපෘති ප්‍රමාණය 200 කට ආසන්නය.

මෙම ව්‍යාපෘති සියල්ලම රුපියල් ලක්ෂ විස්සට අඩු එවා බැගින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත්කර ඇති චක්‍රලේඛ අනුව එවැනි ව්‍යාපෘති ඉදිකිරීම සඳහා භාරදිය යුත්තේ එම පාසලේම පාසල් සංවර්ධන සමිතියටය.

නීතිමය තත්වය එසේ තිබියදී පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු මෙම කොන්ත්‍රාත්තු සිදුකළ යුතු පාසල් සංවර්ධන සමිතියෙන් තමන්ගේ හිතවතුන්ට උප කොන්ත්‍රාත් ලබා දෙන්නැයි බලපෑම් සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේදි අද (27) දින පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

"උතුරු මැද පළාතේ පාසල්වල පවතින ගොඩනැගිලි හිඟය අවම කර ගන්න පළාත් සභා අරමුදලින් රුපියල් මිලියන 110 ක් වෙන් කර තිබෙනවා.

ව්‍යාපෘති සංඛ්‍යාව 200 කට ආසන්නයි.එක ව්‍යාපෘතියක වටිනාකම ලක්ෂ විස්සට අඩුයි.අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ අනුව රුපියල් ලක්ෂ විස්සට අඩු සංවර්ධන වැඩ පාසල් සංවර්ධන සමිතියට ලබාදෙන්න ඕනේ.ඊට වැඩි වටිනා ව්‍යාපෘති ප්‍රසිද්ධ කරලා කොන්ත්‍රාත් පිරිනැමීම තමයි සිදුකරන්නේ.

මේ පාසල් සංවර්ධන සමිති සඳහා ලබාදෙන කොන්ත්‍රාත් කිසි විටෙකත් උප කොන්ත්‍රාත්කරුවෙකුට දෙන්න බැහැ.ඒ බව පැහැදිලිවම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ අංක 2018/26 චක්‍රලේඛයේ සඳහන් වෙනවා.

එසේ තිබියදී පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදී පරාජයට පත්වූ පිරිසකට මෙම ඉදිකිරීම්වල උප කොන්ත්‍රාත්තුව ලබාදෙන්න කියලා විදුහල්පතිවරුන්ට බලපැම් කරනවා.

මේක නීති විරෝධී වැඩක්.මෙම කොන්ත්‍රාත් උප කොන්ත්‍රාත් දුන්නොත් එකේ වගකීම විදුහල්පතිවරුන්ටයි පැවරෙන්නේ.එහෙම වුනොත් අපි ලංකා ගුරු සංගමය ලෙස ඔවුන් වෙනුවෙන් පෙනි සිටින්නේ නැහැ" මේ සම්බන්ධයෙන් තම සංගමය අවධානයෙන් සිටින බවද ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ගෙන් දුරකතනයෙන් සිදුකළ විමසුමේදී ඒ මහතා මෙසේ පැවසීය.

පළාතේ සිටින දිනපු, පැරදුන ප්‍රාදේශීය දේශපාලඥයන් කොන්ත්‍රාත් ලබාගන්න හදනවා ඇති.නමුත් මමවත් මගේ සම්බන්ධිකරණ ලේකම්වරුවත් කිසි කෙනෙක් මෙවැනි කිසි දෙයකට බලපැම් සිදුනොකරන බවද ආණ්ඩුකාරවරයා පැවසීය.



අදහස් (0)

උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් විදුහල්පතිවරුන්ට බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site