(චමිල් රූපසිංහ)
උඩුනුවර ප්‍රදේශීය සභාවේ 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව අද (07) සම්මත විය.
අය වැය යෝජනා වාර්තාව පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
මෙම යෝජනා සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනෙක් සහ මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පක්ෂව ඡන්දය ලබා දුන්හ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 17 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව උඩුනුවර ප්‍රදේශීය සභාවේ අයවැයට පක්ෂ සහ විපක්ෂව සමව ඡන්දය හිමි වූ අතර ප්‍රදේශීය සභා පනතේ බලතල අනුව සභාපතිවරයාගේ ඡන්දය ලබා දීමෙන් අනතුරුව උඩුනුවර ප්‍රදේශීය සභාවේ අයවැය සම්මත විය.
උඩුනුවර ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ඒ අවස්ථාවේ සභා ගර්භයේදී හිටපු සභාපතිවරයාට ප්‍රහාරයක් එල්ල විය.
උඩුනුවර ප්‍රදේශීය සභාවේ ලේකම්වරියට සහ මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයන් එල්ල වූ අතර මේ සිද්ධිය පිළිබඳ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.




2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩුනුවර ප්‍රදේශීය සභාව උණුසුම්
nihal Friday, 07 December 2018 04:39 PM
පවු දෙවියනේ අපි වෙනුවෙන්නේ මේ මහත්තුරු අණකොටගෙන ලේ පෙරාගන්නේ.....