චමිල් රුපසිංහ
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යය සඳහා නර්තන කණ්ඩායම් තෝරා ගැනීම හා නර්තන ශිල්පීන්ගේ සෞඛ්‍ය තත්වයන් සඳහා වෛද්‍ය පරික්ෂණ ඊයේ (30) හා අද (1) දෙදින තුළ පල්ලකැලේ පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයට අනුබද්ධිත උඩරට නර්තන පීඨයේ දී සිදුකෙරිණි.
එහිදී ඇසළ පෙරහර මංගල්‍යට සහභාගී වන සියලුම නර්තන ශීල්පින්ගේ සෞඛ්‍ය තත්ත්වයන් මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතාගේ උපදෙස් මත විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය මහතාගේ මුලිකත්වයෙන් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු, හෙදියන් හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදි නර්තන ශීල්පීන්ගේ රුධිර පීඩනය,දියවැඩියාව,ඇස් පරික්ෂාව ඇතුළු රෝග තත්වයන් පිළිබඳ වාර්තා ලබා ගත් අතර ඇසළ පෙරහර මංගල්‍යයේ දී යම් නර්තන ශිල්පියකුට යම් අනතුරක් සිදු වුවහොත් එම දත්ත ලබාගෙන තිබීම නිසා ප්‍රතිකාර කිරිමට වඩා පහසු වන බවත් එම දත්ත ඉදිරියේදී පරිගනක ගත කිරිමට මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවත් විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය මහතා පැවසීය.
නර්තන කණ්ඩායම්වල දක්ෂතා හඳුනාගෙන එහි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සාදා අප රටේ සංස්කෘතිය ඉදිරියට රැගෙන යාමට එම ශිල්පින්ගේ මඟ පෙන්වීම යටතේ නව පරපුරට ලබාදීමට කටයුතු කිරිමට ක්‍රියාකරන බවද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවැසීය.
සියලුම නර්තන කණ්ඩායම් සඳහා නව ඇඳුම් ආභරණ නිර්මාණය කරනු ලබන බවත් ඒ සඳහා ලක්ෂ 50 ට අධික මුදලක් වැය වන බවත් දියවඩන නිලමේවරයා පැවසීය.




2025 දෙසැම්බර් මස 04
38
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
340
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇසළ පෙරහර මංගල්‍යයේ නර්තන ශීල්පීන් වෛද්‍ය පරික්ෂණයකට