සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
ඇඳිරිනීතිය පනවා තිබෙන අද (02) දා මුදල් ඔටිටුවට තබා බුරැවා ගැසු අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය පවසයි.
බලන්ගොඩ රාස්සගල හැරමිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් අටදෙනෙකුට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුහු ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අද දිනයේ එය උල්ලංඝනය කරමින් මුදල් ඔටිටුවට හැරමිටිගල ප්‍රදේශයේ නිවසට බුරැවා ගසමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙි.
අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ආර්. ජි.කේ. බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් එම වැටලිම සිදුකර තිබෙන අතර සැකකරැවන් බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
-
එක රවුමකට ඉඳගෙන, පුරසාරම් කෙළිමින් බුරුවා ගහනකොට කොපමණ සීඝ්‍රයෙන් මේ වසංගතය පතුරවනවද කියලා ඇයි මේ බුරුවො නොදන්නේ ?