(සිතුම් චතුරංග)
ආසාත්මිකතාවයක් හේතුවෙන් වවුනියාවේ, පාසලක ඉගෙනුම ලබන සිසු සිසුවියන් 60දෙනෙකුට ආසන්න පිරිසක් අද(05) වවුනියාව මාමඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි මාමඩුව පොලිසිය පවසයි.
එම විද්‍යාලයේ 8 සහ 5 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් පිරිසක් රෝගී වී තිබේ.
අද දහවල් වන විට පාසලේ සිසු සිසුවියන් 30 ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගතකර ඇති අතර සවස් කාලය වන විට තවත් සිසු සිසුවියන් 40ක පමණ පිරිසක් රෝහලට ඇතුළත්කර තිබේ.
ළමුන්ගේ තත්වය බරපතල නොවන බවත් උදෑසන සහ දහවල් පැමිණි සිසුන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටවගොස් ඇති බවත් වවුනියාව මාමඩුව රෝහල් ආරංචිමාර්ග සඳහන්කර සිටියේය.
ආසාත්මිකතාවයට හේතුව ආහාර විෂවීමක්ද නැතිනම් වෙනත් කාරණාවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවද වවුනියාව සෞඛ්‍ය සේවා නිලධාරීහු පවසති.
මේ පිළිබඳ වවුනියාව ප්‍රාදේශිය දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ආසාත්මිකතාවයට හේතුව තවමත් අනාවරණය නොවූ බව පොලිසිය පැවසීය.
(ඡායාරූප - ප්‍රදීප් කුමාර)


2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආසාත්මිකතාවකින් වවුනියාවේ සිසු-සිසුවියන් 60දෙනෙකු රෝහලේ