(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාර්ගවලට හානි කරමින් බොරළු ඇදීමකට විරුද්ධ වූ අයෙකුට අද (09) හිමිනමක් ඇතුළු 15 ක පමණ පිරිසකගෙන් පහර කෑමට ලක් වූ අයෙකු ආණමඩුව මූලික රෝහලට ඇතුළත්ව කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ පදිංචි රංජිත් අතපත්තු නැමති අයෙකි.
පහර දීමට සම්බන්ධ හිමිනම ඇතුළු පිරිස එක්වී සිදුකරන බොරළු ව්‍යාපාරයක් නිසා වඩත්ත සියඹලාගස්වැව මාර්ගයට හානි වන බවට පවසමින් පහර කෑමට ලක් වූ තැනැත්තා එම මාර්ගයට හානි කරමින් බොරළු ඇදීමට විරෝධය පල කිරීමත් සමඟ මෙම ගැටුම ඇති වී ඇත.
පහර කෑමට ලක් වූ තැනැත්තා ආණමඩුව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ බොරළු ඇදීමේන් හානි වූ මාර්ගය ජංගම දුරකතනයෙන් ඡායාරූප කිපයක් ගනිමින් සිටියදී පහර දීමට සම්බන්ධ හිමිනම තමන්ට පරුෂ වචනයෙන් බැන වැදි පහර දීම කළ බවයි.
ඉන් පසුව එම ස්ථානයට පැමිණි හිමිනමගේ හිතවතුන් 15 දෙනෙකු පමණ අමානුෂීක ලෙස තමන්ට පහර දුන් බව ඔහු පොලිසිය ප්‍රකාශ කර තිබේ.
පහර දීමට සම්බන්ධ කිසිඳු සැකකරුවකු ආණමඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැති බව ද වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණයට එරෙහිව කතාකරන මිනිස්සුන්ට ඔහොම වෙනවා.
මහජනයා වෙනුවෙන් අවංකව පෙනී සිටින අයට වර්තමානයේ සිදුවන්නේ මේදේ තමයි. පොලිසිය මේවා ගැන බලන්නේ නැත්තේ මොකද?