(අනීෂා මානගේ)
ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ණයකාරයන් බවට පත්ව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (2) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසුවේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.
"ආණ්ඩුව විසින් රටේ සාමාන්‍ය ජනතාව ණයකාරයෝ බවට පත් කළා. ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ණයකාරයෝ බවට පත්වෙලා.
රට මූල්‍ය වශයෙන් කඩාගෙන වැටී තිබෙන නිසා බැංකවට ගිහිල්ලා ණයක් ගන්න බැරි වෙනකොට අවසානයේදී ගිනි පොලියට ණය අරගෙන දරුවන්ට උගන්වන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ගිනි පොළියට ණය අරගෙන ආණ්ඩුවෙන් දුන්න ණය ගෙවන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ආණ්ඩුවෙන් දීපු ණයෙහි ඉතිරි මුදල ගන්න, නිවෙස හදල ඉවර කරන්න ගිනි පොළියට ණය ගන්නවා. අවසානයේ මේ රටේ සාමාන්‍ය ජනතාව ණයකාරයෝ බවට පරිවර්තනය වෙලා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණ චෝදනාව තමයි විදේශ රටවලින් ණය අරගෙන සංවර්ධන කිරීම. බෙලිඅත්තට අධිවේගී මාර්ගය ගේනකොට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඇහුවේ හම්බන්තොටට මොන හයිවේද කියලා. කුරුණෑගලට අධිවේගය හැදෙනකොට කුරුණෑගලට මොන හයිවේද ඇහුවා. එහෙම අහපු අය හයිවේ එක විවෘත කරන දවස පිළිබඳව ලොකූවට කටවුට් ගහලා මහින්ද රාජපක්ෂ හදපුවා එයාලා හදපු විදියට විවෘත කරන්න නම් සූදානම් වෙනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ආණ්ඩුවේම තිබුනේ ඔයටික තම යි
කව්ද ජනතාව ණය කලේ...? චිනට රට විකුණුවේ කව්ද...?
මං ,අපේ තාත්ත, ශත පහක් ණය ගත්තෙ නැහැනෙ. ගත්තෙ මේ රටනෙ
කවුද ඔය කතාව කියන්න කියල කියල දුන්නේ? එහෙම නැතිනම් හිතට ආව නිසා කිව්වද? අපි මේ බලන් ඉන්නේ ඩොලර් මිලියන හාරදහස් ගානක් ණයට අරන් රටවටේ යන්න ඉලිප්සාකාර මාර්ගයක් හදල අපිව ණය බරින් නිදහස් කරනකල්.
අපොය් ඔව්...මෙයාලගේ කාලේ රටේ මිනිස්සු ණය කාරයෝ නෙවි නේ හොඳ පෝසත්තු නේ
බලන් කඩතුරා හැරදෑසේ
විවාහයට කෝටි 125 වියදම් කලේ කාගේ සල්ලිද?
පවුල් පිටින් එකතු වෙලා මුළු රටටම වැඩේ දුන්න විදිහ අපට අමතක වෙලා ඇති කියලා හිතුවද?