IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අසල් වැසියෙකු සමඟ වලවේ ගඟ දෙසට ගිය දරුවා ගැන තවම තොරතුරක් නෑ

චන්ද්‍ර සේන ගමගේ
 
කිරිගවයන් දක්කාගෙන වලවේ ගඟ දෙසට ගිය අසල් වැසියෙකු ගේ පසු පසින් ගිය 10  හැවිරිදි  දරුවෙකු ඊයේ (21) සිට අතුරුදන්ව ඇති බවත් එම දරුවා ගැන අද (22) වන තුරුත් කිසිදු තොරතුරක් නැති බවත් අම්බලන්තොට පොලීසිය පවසයි.

 
වලවේ ගග ආසන්නයට ගොස් සිටියදි අතුරුදන්ව ඇත්තේ රිදියගම පුංචිහේනයාගම පදිංචිව සිටි කථන ආබාධයක් සහිතව සිටි දරුවෙක් බවත් අසල් වැසියා සමඟ අතුරුදන්ව ඇති දරුවා වලවේ ගග දෙසට ගිය බවත් දෙමවුපියෝ පවසති.
 
දරුවා නිවසට ඒම ප්‍රමාද වීම නිසා දරුවා ගැන නිවැසියන් සොයා බැලුවද ඔහු සොයා ගැනීමට දෙමාපියන්ට නොහැකි වී තිබේ. දරුවා පැළද සිටි පාවහන් යුගල ගඟ ආසන්නයේ තිබී හමුවු බව නිවැසියන් පවසති.
 
කිරි ගවයන් දක්කා ගෙන ගිය අසල් වැසියා පවසා ඇත්තේ දරුවා තමන් පසු පසින් පැමිණි බව තමන් නොදැන  සිටි බවයි. වලවේ ගඟ තුළ අධික කිඹුල්  ගහනයක් ඇති බව පවසන ප්‍රදේශවාසින් දරුවා ගඟට බැසීමෙන් අනතුරුව කිඹුලෙකුට ගොදුරු වෙන්නට ඇති බවත් පවසති.
 
අද (22) නාවික හමුදාවේ කිමිදුම් කරුවන් දරුවා ගැන සොයා බැලීම සඳහා පැමිණියද ගඟේ කිඹුලන් සිටීම නිසා එම මෙහෙයුම් නතර කරනු ලැබීය.



අදහස් (0)

අසල් වැසියෙකු සමඟ වලවේ ගඟ දෙසට ගිය දරුවා ගැන තවම තොරතුරක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site