( උපාලි ආනන්ද)
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ආදායම් පාලක ඇගේ සැමියා සහෝදරයා සහ මිතුරියක තවදුරටත් ලබන මස 5 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (21) නියෝග කළේය.
දෙවන සහ සහ තුන් වන සැකකරු ඇප මත මුදා හරින්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත්වරයා දෙවන සහ තුන් වන සැකකරුවන්ට ඇප ලබා දෙන්නේද? නැද්ද? යන්න නියෝගය මීළඟ නඩු දිනේයදී ප‍්‍රකාශයට පත් කරන බවද දැන්වීය.
තවදුරටත් රිමාන්ඞ් කලේ මෙම මූල්‍ය ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර තිසාවැව ගෙවල් 60 අංක 4 ලිපිනයේ පදිංචිකරුවන් වන අනුරාධපුර මහ නගර සභාෙවි වැටුප් විෂය බාර නිලධාරිණිය වන ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ සැමියා වන අනුරාධපුර මහ නගර සභාෙවි ආදායම් පාලක ඞී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ ඇගේ සහෝදරයෙකු වන අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාෙවි සේවය කරන ඇගේ මිතුරියක වන අනුරාධපුර අභයගිරිය පාර කුට්ටම්පොකුණ අංක 212/2 ලිපිනයේ උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන සැකකරුවන් සහ සැකකාරියන් සිව් දෙනාය
2025 දෙසැම්බර් මස 04
686
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අ‘පුර නගර සභාවේ මුල්‍ය වංචා සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්