IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනාරක්ෂිතව පැදවු ලොරියක් දුම්රියේ ගැටෙයි

 


(කේ බුද්ධික කුමාරසිරි )  

කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් ලොරියක්  කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී සිදු වු අනතුරකින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇතැයි මීපේ පොලිසිය පවසයි 

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසල පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සිට එහි භාණ්ඩ තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය මත නතර වී තිබේ.

අනතුරුව  එහි රියදුරු ලොරි රථයෙන් බැස ඇගළුම් ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකු ද සමඟ  එක්ව ලොරි රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළද ඒ අවස්ථාවේ දී පැමිණි දුම්රියේ ලොරි රථය ගැටී ඇති බවද පොලිසිය පවසයි.

අනතුරත් සමඟ ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති අතර රථයේ හිමිකරු පොලිසියට ඉදිරිපත් වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.



අදහස් (1)

අනාරක්ෂිතව පැදවු ලොරියක් දුම්රියේ ගැටෙයි

sachith Friday, 23 March 2018 05:05 AM

කැලණිවැලි දුම්රිය මාර්ගය. ලංකවේ දුම්රිය මාර්ග වලින් ඉතාම සෝචනීය තත්වයක් තියෙන මාර්ගයක්. නිතරම පිලි පනිනවා, කොච්චි හැමදාම පරක්කුයි. දුම්රිය මැදිරි ඇතුලේ කිසිම පහසුකමක් නෑ. කොච්චර කිවත් මේ මාර්ගේ ගැන දුම්රිය බලධාරීන් මර නින්දේ.

:       3       119

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site