IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අනියම් පෙම නිසා දෙදරු පියා මුහුදට පනී

 

(රේඛා තරංගනී ෆොන්සේකා)

විදේශගත වූ සිය බිරිඳගේ අනියම් පෙම පිළිබඳව දැනගන්නට ලැබී සිත් වේදනාවට පත්ව මොරටු මෝදර වරාය ප්‍රදේ‍ශයෙන් මුහුදට පැන්න දෙදරු පියෙක් පැයක මෙහෙයුමකින් (05) බේරාගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා මුහුදට පනින අයුරු සහ ඔහු ගසාගෙන යන අයුරු කාන්තාවක් දැක ඇති අතර ඇය විසින් ක්ෂණිකව එගොඩඋයන පොලිසියට සිදුකළ දැනුම් දීමට අනුව එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතා සිය නිලධාරීන් සමග මුහුදට පැන්න පුද්ගලයා බේරාගැනීමට ක්‍රියාත්මක වී ඇත.

මොරටු මෝදර ධීවර වරායේ යාත්‍රා හිමිකරුවෙකු වන රෝහිත සිල්වා මහතා එම අවස්ථාවේදීම බෝට්ටුවක් ලබාදුන් බව සඳහන් කල පොලිසිය දෙදරු පියාගේ ජීවිතය බේරා ගැනීමට වහා ක්‍රියාත්මක වීමෙන් ධීවර යාත්‍රාවක් ලබාදුන් ධීවර ව්‍යාපාරිකයාගේ ඉදිරිපත්වීම ප්‍රශංසනීය බව ද පොලීසිය පැවසීය.

අදාළ ධීවර ව්‍යාපාරිකයාගේ බෝට්ටුව ක්ෂණිකව ලැබීමේ හේතුවෙන් මුහුදට පැන්න පුද්ගලයා බේරා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා පැයක පමණ මෙහෙයුමකින් පසු බේරා ගැනීමෙන් අනතුරුව සිහිසුන්ව සිටි ඔහුට ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.

සිහිලද ඔහුෙගන් සිදු කළ විමසීමේදී ඔහුගේ බිරිඳ වසර පහකට පෙර මැදපෙරදිග රැකියාවට ගොස් ඇති බවත් වර්තමාන කාලයේ බිරිඳගේ යම් වෙනස් වීමක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇය අනියම් සම්බන්ධතාවයක පැටවී ඇති බවත් දැනගන්නට ලැබුණු බව ද‍ෙරු පියා විසින් ප්‍රකාශ කළ බව පොලිසිය පැවසීය.

වයස අවුරුදු තිස් හතක් වන ම‍ොහු වයස අවුරුදු දොළහක සහ වයස අවුරුදු 17 ක දරු දෙදෙනෙකුගේ පියෙක් බව පොලිසිය පවසයි.

මුහුදට පැන්න දෙදරු පියා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පැවසීය.
දරුවන් ගැන සිතා කටයුතු කරන්නේද අවවාද කිරීමෙන් අනතුරුව ඔහුගේ මව කැඳවා මවට ඔහුව භාරදුන් බවද පොලිසිය පැවැසීය.



අදහස් (2)

අනියම් පෙම නිසා දෙදරු පියා මුහුදට පනී

Aziz Saturday, 06 March 2021 10:09 AM

මෝඩ මනුස්සයෙක්

:       0       0

සල් Tuesday, 09 March 2021 06:05 AM

ගැහැනු පිටරටට යවලා හම්බ කරන ආණ්ඩු ඉන්නකල් මේවා පුවත් වෙයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29870 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12036 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10890 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 751 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 225 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 876 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site