(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මුහුදු වෙරළේ විනෝදයට දියනාමින් සිටියදී අතුරුදන් වූ 17 හැවිරිදි සිසුවාගේ මළ සිරුර අද(29) ඒ ආසන්නයේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ බව පානදුර පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් තිබුණේ පොල්ගස්ඕවිට ජයලියගම පදිංචිව සිටි වෑතර මහා විදුහලේ 10 වන වසරේ ඉගෙනුම ලද කුෂ්මික නිම්සර වඩුගේ සිසුවාය.
මිතුරන් සිව්දෙනෙකු සමඟ දියනෑමට පැමිණ සිටියදී රළ පහරකට හසු වී මෙම සිසුවා අතුරුදන් වූයේ ඊයේ(28) සවසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd