(අනීෂා මානගේ)
අඟුණකොළපෑලැස්ස වැටිය ප්‍රදේශයේ පාලමක් යට තිබී පුද්ගල මළ සිරුරක් අද (13) හමුව ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය නවනගරයෙහි පදිංචි වයස අවුරුදු 65ක් පමණ වන පුද්ගලයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
අඟුණකොළපෑළැස්ස වැටිය පළමු පාලම යට තිබී මෙම පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ.
ඇඹිලිපිටියේ සිට අද (13) තංගල්ලේ පදිංචි සිය දියණියගේ නිවෙස බලා ඔහු යතුරුපැදියෙන් පැමිණ ඇතැයි තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා පැමිණි බව කියන යතුරුපැදියද පාලම මත තිබී පොලිසිය විසින් සොයාගනු ලැබීය. මොහු මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd