IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති හදිසියේ වේරහැරට

(රේඛා තරංගනී ෆොන්සේකා)

ජනතාව තමාව ජනාධිපති ලෙස පත් කළේ රාජ්‍ය සේවකයෙක් හැටියට බවත් තමාගේ කාලයේ රාජ්‍ය සේවය නිසියාකාරයෙන් සිදුවිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) වේරහැරදී පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපතිවරයා එහිදී  අවධාරණය කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා පහසුකම් ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක යෙදුන ජනාධිපතිවරයා ඔවුන්ට මුහුණ පෑමට සිදු වන ගැටලු වලට සවන් දුන් අතර රාජ්‍ය සේවය ඇත්තේ ජනතාවට පහසුකම් සැපයීමට බවත් එය කාර්‍යක්ෂමව ඉටුකරදිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සේවාවක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට එය භාරගත් වේලාව සඳහන් කර නැවත භාර ගැනීමට පැමිණිය යුතු වේලාව දැන්වීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් එවිට ආයතනය තුළ කාලය අපතේ නොයවා සිය කටයුතු ඉටු කර ගැනීමට ජනතාවට හැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවය යනු රොකට්ටුවක් හඳට යැවීමකට වඩා සරල ක්‍රියාවලියක් බවත් තමා වසර 30 ක් රාජ්‍ය සේවයේ නිරත වුවෙකු බවත් පෙන්වා දුන් ඒ මහතා නැවත මාසයකින් තමා පැමිණෙන විට  බලපත් නිකුත් කීරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුවිය යුතු බවත් එහිදී පැවසීය.

 

 

 



අදහස් (8)

ජනපති හදිසියේ වේරහැරට

Gamini withana Thursday, 26 December 2019 05:27 PM

ඉතාම හොඳයි.

:       1       33

රවින් Thursday, 26 December 2019 07:44 PM

නියම හොර ගුහාවකට තමා ගිහිල්ලා තියෙන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා.

:       0       23

NAK Friday, 27 December 2019 04:41 AM

ජරා ගොඩේ හොඳම එක සුද්ද කරන්න පටන් ගන්න හොඳම තැනක් මෙතන.

:       0       0

Akila Friday, 27 December 2019 04:50 AM

එක්කෙනක් කියනවා ඇහුන අර පිටරටවල තියන වේටින් ටිකට් ක්‍රමය හඳුන්වා දුන්නනම් හරි කියලා, නමුත් ඒ සිස්ටම් එක ලඟදි ප්‍රධාන රාජ්‍ය බැංකුවකට සවිකලා, හැබැයි හයි කරලා මාසෙන් විතර ආපහු අයින් කලා, මොකද ඒක වැඩ කරන්න නම් වැඩේ ඉවර කවුන්ටරයේ කෙනා වෙකන්ට් බොත්තම ඔබන්න ඕනේ, නමුත් මේ ගොල්ලේ එක වැඩක් ඉවර කරලා බොත්තම ඔබන්නේ නැති ව නිකන් ඉන්නවා, සුපුරුදු පරිදි පෝලිම්, අන්තිමට ඒ සිස්ටම් ඒක ඇයින් කලා, ඔන්න ලංකවේ රාජ්‍ය සේවකයෝන්ගේ වැඩ.

:       0       7

රවින්Friday, 27 December 2019 12:05 PM

ඒ රජයේ ක්‍රමවේදය. නමුත් පෞද්ගලික බැංකුවක ඔය ක්‍රමවේදය තියනවා. රෙජිස්ටර් ජනරාල් දෙපාර්තුමේන්තුවේ තියනවා. දෙකේම සාර්ථකයි.

:       0       0

Nimal Friday, 27 December 2019 07:28 AM

සෝබන නැහැ. වැඩ විතරයි. ජය වේවා.!

:       0       0

Suu Friday, 27 December 2019 08:47 AM

ඔතන අයගෙන් වැඩක් කරගන්න නම් පගා දිය යුතුයි. අනිත් තැන තමයි පාස්පෝර්ට් කාර්යාලය.

:       0       0

rana Sunday, 29 December 2019 06:35 AM

කොටි වලිගෙන් අල්ලන්න බැහැ නේ ??.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site