IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සේනා දළඹුවා මර්දනයට රජය මැදිහත්විය යුතුයි

   (නිමල කොඩිතුවක්කු)

සේනා දළඹුවා බඩ ඉරිඟු වගාවේ සිට වී, එළවලූ ඇතුළු  අනෙකුත් භෝගයන්ට සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙම දළඹුවන් මර්ධනය කිරිමට රජය මැදිහත්ව ජාතික වැඩපිළිවෙළක්  ක‍්‍රියාත්මක කළ  යුතුව ඇතැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ සදහා සමස්ථ ගොවි ජනතාවගේම සහාය රජයට ලබාදිමට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.

සේනා දළඹුවාගේ වයාප්තිය, එම දළඹුවාගෙන් වගාවට වන හානිය සහ සේනා දළඹුවා මර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් කළ කරුණාරත්න මහතා මෙසේද පැවැසීය.

   ‘‘සේනා දළඹුවා බිත්තර 200කට වැඩිප‍්‍රමාණයක් දානවා. මෙයා තටු ඇවිත් සමනලයෙක් වුනාට පස්සේ දවසකට කිලෝමීටර් 100ක් පමන පියාසර කරනවා. ඒ අනුව දින කිහිපයක් තුළ රටේ එක කෙළවරක සිට අනික් කෙළවරටම පියාසර කිරිමේ හැකියාව තියෙනවා.

ඉගිලීමේ හැකියාව, අධික ලෙස බිත්තර දැමීම සහ සේනාවක්  විදියට ගමන් කරන නිසා මේ දළඹුවගේ ව්‍යාප්තිය ඉතාම වේගවත් වෙනවා.

සේනා දළඹුවාගේ ඊළඟ විශේෂත්වය තමයි මේ සතා නොනවත්වා ආහාර ගැනීම. පැය 24ම මේ සතා ආහාර ගන්නවා. කොච්චර කෑවත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ  නිසා මේ සතාගෙන් වන හානිය ඉතාම බරපතලයි.

සේනා දළඹුවාට කෘෂි රසායන කිහිපයක්ම නිර්දේශ කරලා තියෙනවා. ඒවාට මේ සතා යම් ප‍්‍රතික‍්‍රියාවක් දක්වලා තියෙනවා. සතා මර්ධනය කරන්න යම් කිසි තෙලක් බෙහෙතක් උගේ ඇඟට වැටෙනවිට අර කටුස්සා පාට වෙනස්  කරනවා වගේ ඒකට මේ සතා අනුවර්ථනය වෙනවා. ඒකට ඌ ප‍්‍රතික‍්‍රියා දක්වන නිසා ඒක මර්ධනය කරන එක ටිකක් අමාරුයි.

භෝග සීයකට වැඩි ප‍්‍රමාණයකට මේ දළඹුවා හානි කිරීමේ හැකියාව තියෙනවා. බඩ ඉරිඟු තමයි මේ සතාගේ ජනප‍්‍රියම කෑම බවට පත්වෙලා තියෙන්නේ.  බඩ ඉරිඟු වලින් ඔබ්බට ගිහින් දැන් ගොයමට ඇවිත් තියෙනවා. මේ නිසා සමහර ප‍්‍රදේශවල දැන් ගොවියන් ගොයම අමුවෙන් කපන්න පටන් ගෙන තියෙනවා.

නයිජීරියාවෙන් තමයි මේ දළඹුවා හොයා ගන්නේ. ලෝකයේ රටවල් 44කම මෙයා ව්‍යාප්ත වෙලා තියෙනවා. 2017 වසරේ ඉන්දියාවට සේනා දළඹුවා අවා. ඉන්දියාව මර්ධනය කලා. ලෝකයේ වෙනත් රටවල මේ දළඹුවා මර්ධනය කළ ආකාරය පිළිබඳව අධ්‍යයනයක් කරලා ඒ තොරතුරු ලබා ගතයුතුයි.

ආපදාවක් ආවට පස්සේ මුලූ රටේම අවදානය එතනට යොමු වෙනවා. ඒ වගේම සේනා දළඹුවා ඉන්න ප‍්‍රදෙශ විශේෂ ආපදාවට ලක්වූ ප‍්‍රදේශ ලෙස රජය නම් කළ යුතුයි. එතකොට චක‍්‍රලේක අබිබවා ගිහින් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. අවම හානියක් වෙන විදියට සේනා දළඹුවා මර්ධනය කිරීමේ ක‍්‍රමවේද ගොවියන්ට, නිළධාරීන්ට හදුන්වාදීමට රජය කටයුතු කල යුතුයි.

සේනා දළඹුවා හටගත්ත දමන ප‍්‍රදේශයේ තමයි වැඩියෙන්ම බඩ ඉරිඟු වගා කරන්නේ. ඒ සදහා බීජ ගෙන්වන්නේ වෙනත් රටවලින්. බඩඉරිගු  එක්ක මේ සතාගේ බිත්තර එවලාද කියන සැකය අපිට තියෙනවා’’ යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

සේනා දළඹුවා මර්දනයට රජය මැදිහත්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site