IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘සන්ධානයේ පොදු අපේක්‍ෂකයා නම් කිරීම මහින්දගේ වැඩක්‘

(නාලක සංජීව දහනායක)
 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවනු ලබන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ සම්පූර්ණ අයිතිය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ තම පක්‍ෂයට අයිති වැඩක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (11)  පැවැසීය.
 
ඒ අයිතිය වෙනත් පාර්ශවයකට පවරා දීමට කිසිම සූදානමක් නැතැයි කී මහාචාර්යවරයා තම තීරණය සමඟ එකඟවීමට අනෙක් පාර්ශවවලට සිදුවන බවද කීය.
 
කෙසේ වෙතත් මේ වනවිට සන්ධානගතවීම සම්බන්ධයෙන් පක්‍ෂ දෙක අතර සාකාච්ඡා පැවැත්වෙන බවත් සන්ධානගතවීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යතාවයට හානියක් සිදුවීමට ඉඩක් නොතබන බවද සඳහන් කළේය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘සන්ධානයේ පොදු අපේක්‍ෂකයා නම් කිරීම මහින්දගේ වැඩක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site