IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ජනතාව ඉන්නේ භීතියකින් හා අවිනිශ්චිතභාවයකිනුයි

(චමිල් රූපසිංහ)
 
අද රටේ ජනතාවගේ සිත් සතන් තුල තෘප්තිමත් භාවයකින් තොරව විශාල භීතියක් හා අවිනිශ්චිත භාවයකින් ජනතාව ඔහේ ජීවත් වන බවත්, මේ තත්වය වෙනස් නොකළහොත් විශාල සමාජ අර්බුද ඇතිවිය හැකි බවත්, ඒවා වැළැක්විය යුතු බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පැවසූහ.
 
අද (28) මහනුවරට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) සභාපති මහාචාර්‍ය ජී.එල්. පීරිස් මහතා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදැක රජය ගෙනයන රටට අහිතකර වැඩ පිළිවෙලවල් සම්බන්ධව දැනුවත් කර ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ හා අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක කරුණු පැහැදිලි කළ අතර එහිදි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ මේ බව පැවැසුහ.
 
රාජකාරිය හරිහැටි කරන්නට මානසික තත්වයක්ද ගමක්, රටක් සංවර්ධනය කරන්නට වත් පවුලේ තත්වයක් නොමැතිව අවිනිශ්චිත භාවයකින් සියලු දෙනා කටයුතු කරනු ලබන බවත් මෙය ලොකු අහිතකර තත්වයක් බවත්, ඒ සඳහා නව දේශපාලන කාර්යයක් ඉටුවිය යුතු බවද මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ එහිදී සඳහන් කළහ.
 
“නිශ්චිත සංවර්ධන ඉලක්ක නැහැ. ජේ.ආර් ජයවර්ධන මහතාගේ නිශ්චිත ඉලක්කයක් තිබ්බා. ඒවා දිහා ජනතාව බලාගෙන හිටියා. බණ්ඩාරනායක මැතිණියගේ නිශ්චිත ඉලක්කයක් තිබ්බා. අද ඒවා නැහැ. අද ඇතිවෙලා තත්වය තියෙන තත්වය බැලුවම අද මොකද රටට වෙන්නේ කියන මතය උඩ තමා ජනතාව ඉන්නේ. කුණු ගෙනැල්ලා දාලා එහෙන් ඒක මහා භයානකයි. මොන ලෙඩ බෝ වෙයිද දන්නේ නැහැ. තමන්ගේ වියදම් පිරිමහ ගන්න හැටි අද නැහැ. පඩියක් ලැබෙන අයට එය ලැබෙනවා. නමුත් ගමේ අය බව භෝග වලින් තමා ඒව කර ගත්තේ. ඒක සම්පූර්ණයෙන් අද ඇන හැටිලා තියෙනවා. අද විකුණාගන්න දෙයක් නැහැ. ඔය බෝම්බ ප්‍රහාරයටත් ඒ තත්වය වාසිදායක වුණා. දැන් පැහැදිලිව පේනවා කවුරුත් ඒකට වග කියන් නැත්තේ දැන දැනත් නියෝගයක් නැති නිසා හා විධානයක් නැති වූ නිසානේ...“ යැයි නාහිමියෝ සඳහන් කළහ.
 
මාධ්‍ය හමුවේ අදහස් දැක්වු ජී. එල්. පිරිස් මහතා මෙසේ කීය.  

“අද රජය, පළාත් සභා ගණන් නොගෙන ඉඳලා එක පාරටම ජනාධිපතිවරණය නොතියා පළාත් සභා මැතිවරණය තියන්න හදනවා‍ෙ අපි අධිකරණය හමුවටත් ඒ සම්බන්ධව ගියා. මේක අසාධාරණයක්. මේ අවස්ථාව රටේ ජනතාව ඉල්ලන්නේ රටේ වෙනසක්. ඒ කියන්නෙ ජනාධිපතිවරණයක් යැයිද වත්මන් රජය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පවත්වන පරීක්ෂණයන් පිළිබඳව ජනතාවගේ පැහැදීමක් නැහැ. අපේ නව රජයක් පත්වූ විගසම එම පරීක්ෂණ මුල සිටම ක්‍රමානුකුලව අරඹන බවත් ලබන 11 වෙනිදා දිනිය හැකි හා මනා පෞරුෂත්වයකින් කටයුතු කළ හැකි ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ගේ නම ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක්“ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ( පොහොට්ටුව ) සභාපති මහාචාර්‍ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.



අදහස් (0)

ජනතාව ඉන්නේ භීතියකින් හා අවිනිශ්චිතභාවයකිනුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site