IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කසළ ප්‍රශ්නයට විසඳුම් දෙද්දී උද්ඝෝෂණය කරන බාල දේශපාලනය පැරදවිය යුතුයි

(ඩයනා උදයංගනී)
කසළ ප්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් දෙනවිට පාරට බැස විරෝධතා කරන බාල දේශපාලනය පැරදවිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
කූණු කඳු ගොඩගැසී මීතොටමුල්ලේ 33 දෙනෙක් මියයද්දී විරෝධතා නොකළ අය ගැටලුවට විද්‍යාත්මක විසඳුම දෙනවිට පාරට එන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
අරුවක්කාලුවේ ඉදිකර ඇත්තේ අවුරුදු 80 ක් පමණ කාලයක් මුළු රටේම කසල ගෙන යා හැකි කසළ අංගනයක් බව කී ඇමතිවරයා එයට එරෙහිව ඇතිවන විරෝධතා ගැන තමන් කණගාටු වන බව ද සඳහන් කළේය.
 
උද්ඝෝෂණය නොකර පුත්තලමේ තැන තැන දමන කුණු අරුවක්කාලු සනීපාරක්‍ෂක කසළ අංගනයට මාස 03 ක කාලයක් භාර දී විවිධ පාර්ශවයන් පතුරුවන කට කතාවල සත්‍ය අසත්‍යතාවය බලන්නැයි තමන් එම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.

දැනට ශ්‍රී ලංකාවේ පවතින එකම විද්‍යාත්මක කසල රඳවනය වන දොම්පේ ඉදිකළ සනීපාරක්‍ෂක කසල රඳවනයට එරෙහිවද විරෝධතා, මාරාන්තික විරෝධතා, හර්තාල් ආදිය ක්‍රියාත්මක වූ බව කී ඇමතිවරයා විද්‍යාත්මක කසල රඳවනයක් යනු කෙතරම් සාර්ථක විසඳුමක්ද යන්න දොම්පේ කසල රඳවනයට ගොස් බලාගත හැකි බව ප්‍රකාශ කළේය.

 නගර පිරිසිඳු කිරීමට බව කියමින් කුණු තැන් තැන්වල ගෙනගොස් දමා නගරයේ මල් පෝච්චි තැබීම විසඳුමක් නොවන බව කී ඇමතිවරයා ගැටලුව විසඳීමට යන සැමවිටම විරෝධතා කිරීමෙන් ප්‍රශ්න නොවිසඳෙන බව ද පැවසීය.
 
 කොළඹ කුණු අපට එපා කියා උද්ඝෝෂණ කිරීම බාල දේශපාලනයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
වර්තමානයේදී කොළඹ නගරයේ කසළ එකතු කිරීම විධිමත් කිරීමට තම අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ද කී ඇමති පාඨලී චම්පික රණවක මහතා  කසළ වෙන්කර බාරගැනීම හේතුවෙන් මේ වන විටත් බොහෝ ගැටලු විසඳී ඇති බව කීවේය.
 

මේ වන විට කොළඹ නගරයේ කසළවලින් සියයට 90ක්ම වෙන් කර ලැබෙන බව කී ඇමතිවරයා එම සෑම දිරායන කසළ බිඳක්ම කොම්පෝස්ට් බවට පත්කරන බවත්, දිරා නොයන කසළ ප්ලාස්ටික් පොලිතින් කඩදාසි ආදියෙන් බලශක්තිය නිපදවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

කසළ ප්‍රශ්නයට විසඳුම් දෙද්දී උද්ඝෝෂණය කරන බාල දේශපාලනය පැරදවිය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 915 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site