IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම්වරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි

(  තිළිණි ද සිල්වා )
දැනට ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය  සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පවත්වා ඇත.
 

 නිදහස් හා සාධාරණ මැතිවරණයකින් අනතුරුව තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත  මහලේකම් විග්නරාජා මහත්මිය සිය සුබ පැතුම් එක් කල අතරම සාර්ථක  ධූර කාලයක් සඳහා අමාත්‍ය ගුණවර්ධන මහතාට සහ නව රජයට ද ඇයගේ සුබ පැතුම් පිරිනැමුවාය. 
 
 නව රජය විසින් ආර්ථික සංවර්ධන මෙහෙයුම ඉදිරියට ගෙන යාම කාලෝචිත වන බව ඇය මෙම හමුවෙදී පැවසුවාය. 
 
 ශ්‍රී ලංකාව ඉහළ සංවර්ධන කාණ්ඩයෙහි ලැයිස්තුගත කර ඇති මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාවෙන් මනාව පිළිබිඹු වන පරිදි, කැලඹිලි සහිත කාල පරිච්ඡේදයන්ට ඔරොත්තු දීම සඳහා මෙරටට ඇති හැකියාව ඇය පැසසුමට ලක් කළාය.
 
 
මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉහළම නිලධරයා බවට පත්ව සිටින සහකාර මහලේකම් විග්නරාජා මහත්මිය, සිය උසස් තනතුරට පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කරමින් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා කියා සිටියේ රජය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ දී සංවර්ධනය ප්‍රමුඛ විය යුතු බවයි. 
තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සහ තිරසර සංවර්ධන ඉලක්ක ජාතික අයවැයේ හා සැලසුම්කරණයේ හරය වනු ඇති බව ඔහු අවධාරණය කළේය. 
 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය, ජාතික දත්ත ගබඩා කිරීම සඳහා ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය අංශයේ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ලබා දෙන සහාය එතුමා තවදුරටත් පැසසුමට ලක් කළේය.

 ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර ඉකුත් නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මෙම පත්වීම සිදු කළේය.එසේම ඇය උපතින් ශ්‍රී ලාංකිකයෙකි. 
 
 විදේශ සබඳතා ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වූහ.



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම්වරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 877 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site