(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය පහසුවෙන් සම්මත කරගැනීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතු බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසක් මේ වනවිටත් ඉදිරි අයවැය යෝජනාවලිය සඳහා ඡන්දය ලබාදීමට ඉදිරිපත්ව ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අද(13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
අයවැය යෝජනාවළිය සම්මත කර ගැනීමේදී දෙමළ ජාතික සන්ධානයයේ සහය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරන බවත් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ඔවුනගේ නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවද සඳහන් කළේය.
සියලූ පාර්ශව එක්ව ස්ථාවර ආණ්ඩුවක් මගින් රට ගොඩනැගීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවත් නලීන බන්ඩාර මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
28
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉදිරි මුදල් වර්ෂයේ අය වැය සම්මත කර ගැනීමේ ශක්තිය එජාපය සතුයි