IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


19 නිසා ජනපති - අගමැති අතර අර්බුදයක් නිර්මාණය වුණා

(හර්ෂණ තුෂාර සිල්වා)

දහනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අර්බුදයක් නිර්මාණය වූ බවත් එම සංශෝධනය අවුලක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30) පස්වරුවේ පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නොදීමට තීරණයක් ගෙන නැතැයි ද පක්ෂය කුමන තීරණයක් ගත්තත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය දෙන්නේ යැයි ද හෙතෙම කීය.

ඇතැම් අය පක්ෂය හැර ගියද තමන් පක්ෂය හැර නොයන බවද ආචාර්ය සරත් අමුණුගම මහතා කීවේය.

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන සෑම් විජේසිංහ මහතාගේ සිහිපත් කරමින් පැවැති පස්වැනි ගුණ සමරු දේශනය කරමින් ආචාර්ය සරත් අමුණුගම මහතා එම කරුණු කීවේය.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම ගුණ සමරු උත්සවය පැවැත්විණි. 

      “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ තීරණ ඉක්මනින් ප්‍රකාශයට පත් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා පත් කරාවි. 

විධායක ජනාධිපති ධුරය ගැන විතරක් නෙමෙයි තවත් බොහෝ කරුණු ගැන මේ දවස්වල සාකච්ඡා කෙරෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව මුකුත් කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. ව්‍යවස්ථානුකූල වෙනස්කම් කරන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා. 

විධායක ජනාධිපති ධුරය වෙනයම් දෙයක් ගැන තීරණයක් ගන්න කලින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන්න ඕනේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ පළමු දින 100යේ. ඒ කාලයේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ විපක්ෂයටය. එතකොට සංශෝධන කළේ විපක්ෂයේ මන්ත්‍රීවරු. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල අගමැතිවරයාට ලබාදීම තමයි බලාපොරොත්තු වුණේ. එහෙත් එය සාර්ථකව කරන්න බැරි වුණා. මොකද ආණ්ඩුව පත්වුණු මුල් දින 100 පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ විපක්ෂයට නිසා.

ඒ සංශෝධන සියල්ල කරන්න බැරි වුණා. සමහර කරන්න පුළුවන් වුණා. සමහර දේවල් කරන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර අර්බුද ඇති වුණා. වත්මන් අර්බුදයට මුලත් එයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ලොකු අවුලක්.

මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය දෙනවා. මේ පක්ෂ දෙකේම ප්‍රතිපත්ති සමානයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට විරුද්ධයි. අපිට ගිහින් එක්සත් ජාතික පක්ෂයේ නැට්ටක් වෙන්න බැහැ. ඒක නිසා පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතුයි කියලා විශ්වාස කරනවා. එහෙම නොවුණත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ගමන් පෞද්ගලිකවම ගෝඨාභය රාජපක්ෂ මහතාට මගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා.

ඒ වගේම මෙතැනි කිසිම ගැටුමක් ඇතිවෙලත් නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහාය නොදෙන්න තීරණයක් අරගෙන නැහැ.

අපි පක්ෂයක් විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවද තනි තනියෙන් සහාය දෙනවද පක්ෂයෙන් ඉවත් වෙනවද කියන එක එකිනෙකට වෙනස්. තනි තනි පුද්ගලයන් ගන්නා තීරණ ඔවුන්ගේ පෞද්ගලික තීරණ. ඒවාට එක එක හේතු තියෙනවා. වැදගත් වන්නේ අපි පක්ෂයක් විදියට සහාය දෙනවද නැද්ද කියන දේ. ඒ වගේම අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවන්න කොතරම් කැප වෙනවද කියන දේ. කාලයත් එක්ක ඒ දේ බලාගන්න පුළුවන්.” 

 

 



අදහස් (1)

19 නිසා ජනපති - අගමැති අතර අර්බුදයක් නිර්මාණය වුණා

aruna Monday, 02 September 2019 12:16 PM

නොම්මර එකේ දැනුම තමාගේ පටු අත්මාර්තකමී අරමුණු වෙනුවෙන් අවභාවිතා කරන බැවින් කව්ද මෙයා කියන ඒවා පිළිගන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31118 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13246 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 44 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 882 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site