(චමිල් රූපසිංහ)
මෙවර මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ කර ගනිමින් තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ජනපති විශාල උනන්දුවකින් කටයුතු කරමින් විවිධ කැපකිරීම් පවා කරන්නට සූදානමින් සිටි බව සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා බාර දීමෙන් පසු අද (19) මහනුවර මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇමැතිවරයා මේ බව කීවේය.
අසූචි වළ කර වටක් ගිලී සිටින විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් කර ගැනීමේ කිසිදු අවශයතාවක් නොමැති බවත් ඔහු කීය.
පක්ෂය සමඟි කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් උත්සහය ව්‍යර්ථ කිරීම නිසා අද මහින්ද, බැසිල්, නාමල් කෙරෙහි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කේන්තියෙන් පසුවන බව ද අමාත්‍යවරයා කීය.
COMMENTS
මහින්ද මහතා හිරේ සිටි මෙයාව සමාව දී බේරාගත්තාට ඔබට සලකන හැටි පෙනෙනවා නේද? දියෙහි ගසාගෙන යන දණ්ඩකට පිහිටක් උනත් මේවගේ දුර්ජනයින්ට පිහිට වෙන්න එපා කියලා සුභා සිතයේ කියන්නේ කටකසනවාට නොවෙයි.
කිසිම දේශපාලන ප්‍රතිපත්තියක් නොමැතිව තම විරුද්ධ වාදීන්ගේ චරිතය ඝාතනය පමණක් එකම ප්‍රතිපත්තිය කරගත් අසූචි වළ කරවටක් ගිලී සිටින කාර්ඩ් බෝර්ඩ් වීරයා එහිම වලදැමිය යුතු කාලය එලඹ ඇත.
ඡන්දෙන් පැරදුණු ඔබ නම් ඉන්නේ අසුචි වලේ තමයි...
ආ, බමුණු, ඔය ඔබ සඳහන් කරන කියුම තියෙන්නේ සුභාශිතේ බව හොඳටම විශ්වාසද? අපි දන්නා තරමින් නම් "දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට" කියන කවිය තියෙන්නේ ගුත්තිලයේ!