IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘සජිත්ට විපක්ෂයවත් ඉතුරු වෙන්නේ නැහැ‘

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂ දෙකක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය සමග හිඳිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින්ට සහ ඒ අයට අධිකරණ ගානේ ගොස්  කරදර කළ බවත්, දැන්  එකතුවී එක සංධානයක් හැදුවත් පරණ අතීත සිදුවීම් සම්පූර්ණයෙන් අමතක කරන්නේ නැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්.බී.දිසානායක මහතා පැවසීය.

කොත්මලේ නගරයේ අද (18) පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද කීය.

“සජිත් ප්‍රේමදාස මහතා දන්නවා... ඉර හඳ වගේ බලයට ඒම කෙසේ වෙතත් හරියට විපක්ෂයවත් හදා ගන්න බෑ කියලා. මැතිවරණ ප්‍රථිපලයත් එක්ක ස්ථීර වශයෙන්ම සජිත්ලා ඉන්නේ ටී.එන්.ඒ. එක හා  අනෙක් සුළු ජාතික පක්ෂ වලටත් පිටිපස්සෙන්. විපක්ෂයවත් ඒ අයට ඉතුරු වෙන්නේ නෑ. ඒ අයට ඕන දෙයක් කියන්නත් පුළුවන්. ඕන පොරොන්දුවක් දෙන්නත් පුළුවන්.  අඩුම වශයෙන් විපක්ෂයවත් අල්ලගන්න පුළුවන්නම් පොඩි වගකීමක් තියෙනවා කියල හිතෙයි. එහෙමත් බැරි බව ඒ අය දන්නවා. විපක්ෂයේ, පිටුපස මන්ත්‍රීවරයෙන් විදිහට ඉන්න සජිත්ට මොනවද කියන්න බැරි? ඒ නිසා ඒවා පුස් වැකි නිසා අපි කිසිම සැලකිල්ලකටවත් භාජනය කරන්නේ නෑ.

එක්සත් ජාතික පක්ෂයට නව වැඩ පිළිවෙලක් හදන්න ඒ පක්ෂයේ ඉන්න සුළු පිරිසකට ඕනකම තිබ්බත් රනිල් වික්‍රමසිංහ එ.ජා.ප.යේ නායකතුමාට වෙනස් වෙන්න බෑ. ඒක ඇත්තටම එතුමාට තිබෙනව මානසික ප්‍රශ්නයක්. ඒ නිසා එජාපය කවදාවත් අළුත් වැඩපිළිවෙලකට යන්නේ නෑ. අපි පසුගිය මැතිවරණයට ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම වැනි වැඩසටහනක් ගැන මේ අය අධ්‍යයනය කරලත් නෑ. දැන් අකිලලා වගේ අය මේ පරාජය හිසේ තියාගෙනනේ ඉන්නේ. ඒ පක්ෂය දෙකට කැඩිලා විතරක් නොවෙයි පක්ෂයේ 80%ක් සජිත් එක්ක ගිහින්. රනිල් එක්ක ඉතුරු වෙලා ඉන්නේ 20% ක් විතර. අකිල දැන් ඉන්නේ ඒ 20% තියෙන පක්ෂයේ. එන මැතිවරණයේදී සජිත්ලා වගේ අය ආසන 25 ක් විතර ගනිද්දී මේ අයට ආසන 10 කටවත් යන්න අමාරු වෙයි.

මේ පක්ෂය ඉතාමත් අවාසනාවන්ත ඛේදවාචකයට මේ මැතිවරණයෙන් පස්සේ යනවා. ඒ නිසා දැන් ඒ අය ඔහේ දොඩවනවා. ඒ කතා දැක්මක් ඇතිව අධ්‍යනයක් කරලා කියන කතා නොවෙයි.” යැයි එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

‘සජිත්ට විපක්ෂයවත් ඉතුරු වෙන්නේ නැහැ‘

සෙනෙවිරත්න Saturday, 18 July 2020 02:29 PM

පොහොට්ටුවේ මහත්වරුනි, නෝනාවරුනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහත්වරුනි, නෝනාවරුනි, සියල්ල⁣ට පෙර මේ පිං මන්ත්‍රී කමක් කළ අයට අවස්ථාවක් දෙන්න නම් එපා...

:       0       619

Rata PerataSunday, 19 July 2020 07:46 AM

ජනතාව අසරණයි. රාජපක්ෂලා මෙයාලව ජාතික ලැයිස්තුවෙන් ගනී. ගියපාර වගේ..

:       0       14

Rata Perata Sunday, 19 July 2020 07:45 AM

මේ වගේ අයට නාම යෝජනා දුන්නා වුණත් එන්න දෙන්න එපා.

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site