(ඩයනා උදයංගනී)
ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් ඉන් ඉවත් වන්නේ නැතැයි එම පක්‍ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
දැනට ආණ්ඩුව සතුව ඇති තුනෙන් දෙකක බහුතර බලය 2020 වන තුරු වෙනස් වන්නේ නැතැයි ද මහ ලේකම්වරයා කියයි.
ජාතික ආණ්ඩුව පිළිබඳ ගිවිසුමෙහි කාලය දෙසැම්බර් 1 වැනිදා අවසන් වූ පසු ගන්නා පියවර ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් පසුව තීරණය කරන බව කී දිසානායක මහතා සාමූහික තීන්දුවක් මත මිස කිසිවෙකුත් තනි තීන්දු ගෙන ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයි ද ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනේ අයි මොකටද අයින් වෙන්නේ අර පා.ම.මහින්දට බලය අරන් දෙන්නද ආපහු නිදන් හාරන්න. බුදුපිළිම කඩන්න ඉස්සර සොලින් ලංකාවට කරපු දේ තමයි පා.ම. මහින්ද ලා බලයේ ඉන්න කාලේ කලේ.