IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


වැඩ බැරි ආණ්ඩුවයි ඩීල් කාරයොයි ජීවිත එක්ක සෙල්ලම් කරනවා

රටේ ප්‍රශ්නය විහිළුවට නොගෙන රට ගොඩනඟන ආකාරය ගැන ප්‍රසිද්ධියේම විවාදය කරමු යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත විවෘත අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්නපුරයේදී පැවැසීය.

වැඩ බැරි ආණ්ඩුව සහ ඩීල්කාරයන් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිතැයි ද සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, රක්වාන, ඇහැළියගොඩ යන ආසන රැසක ජන හමුවලට සහභාගි වෙමින් තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

“රට පුරා ජන හමුවලට මා යනවා. ඒ හැම ජන හමුවකදීම අපට අහන්න, දකින්න ලැබෙන්නේ ජනතාවගේ ජීවත්වීමේ අපහසුතාවයි. ජනතාව අද අන්ත අසරණ වෙලා. ජීවන මාර්ග නැති වෙලා. රැකී රක්ෂා නැති වෙලා. ආර්ථිකය කඩාගෙන වැටිලා. එදා වේල හරිහම්බ කරගැනීම පවා අපහසු වෙලා. තුන් වේල කන පවුලක් හොයාගන්න අද හරි අමාරුයි.

එක පැත්තකින් කර්මාන්ත ශාලා විශාල ව්‍යාකූලත්වයට ලක් වෙලා. තවත් පැත්තකින් ගොවි ජනතාව අන්ත අසරණභාවයට ලක් වෙලා. රාජ්‍ය සේවකයන් ඉතාමත්ම දැඩි ජීවිත අරගලයක යෙදිලා. බොහෝ දෙනකු ජීවත් වෙන්නේ විශාල පශ්චාත්තාපය මැදයි. රටම ආර්ථික අහේනිය මැද දැඩි පීඩනයකට ලක් වෙලා.

රටක් විදිහට බොහොම කනගාටුදායක තත්ත්වයට අද මුහුණ දී සිටිනවා. අද වෙද්දී රටේ ආර්ථිකය ඉතාම පහළ මට්ටමට ඇද වැටිලා. රටේ සාමාන්‍ය ජනතාව පීඩාකාරී තත්ත්වයට අද ගොදුරු වෙලා. අප හිතාගෙන හිටියේ මේ රජය සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 වසංගතය පාලනය කළා කියලයි. කොවිඩ්-19 සම්පූර්ණයෙන් විනාශ වුණා නම් කොහෙන්ද දෙවැනි රැල්ලක් නිර්මාණය වුණේ?

ඇමෙරිකාව තමන්ගේ ජනතාව ජීවත් කරවන්න ඩොලර් ට්‍රිලියන 2.5ක මුදල් පොම්ප කළා. මහා බ්‍රිතාන්‍යය මොකද කරලා තිබෙන්නේ? කිසිම පුද්ගලයකු රැකියා ස්ථානයෙන් දොට්ට දැමීම තහනම් කළා. රැකියා කරන අයට සියයට අසූවක් ආණ්ඩුවෙන් මුදල් ගෙවනවා. හාම්පුතුන් ඉතුරු සියයට 20 ගෙවනවා.

බංග්ලාදේශය මොකද කළේ? සියලුම පෞද්ගලික අංශයට ආණ්ඩුවෙන් මුදල් ගෙවනවා. ඉන්දියාවේ මෝදි අගමැතිතුමා ජන සමාජයේ අන්ත අසරණ ජනතාවට සහන රැසක් දීලා.

ලෝකයේ හැම රටක්ම තමන්ගේ ජනතාව වෙනුවෙන් මේ විදිහට කැප වෙද්දී ලංකාවේ ආණ්ඩුව මොකද කරලා තිබෙන්නේ? තමන් තෝරාගත්ත දේශපාලන හෙංචයියන් දාගෙන රුපියල් පන්දහසේ කෑලි දෙකක් දී ජනතාවට ඒ ඇති කියන තැනකට ආණ්ඩුව පත් වෙලා.
අගමැතිවරයා මොකද කියන්නේ? පන්දාහේ දෙකක් දුන්නනේ, ඒ ඇති කියනවා. මේ වෙලාවේ මුළු රටම ඉන්නේ මහා ව්‍යසනය මැදයි. මෙහෙම වගකීම් විරහිත විදිහට ආණ්ඩුවට හැසිරෙන්න බැහැ.

රටේ දුක් විඳින, අන්ත අසරණ, තැලෙන පෑගෙන පොඩි වෙන ජනතාවට ආර්ථිකය ගොඩ එනතුරු රුපියල් 20,000 දීමනාව දිය යුතුයි කියනවා විතරක් නොවෙයි ඒකාන්තම අපි ඒක කරනවා.

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, ඉහළ ආදායම් මාර්ග තිබෙන අයට රුපියල් 20,000 දිය යුතුයි කියන්නේ නැහැ. එහෙත් ජන සමාජයේ අන්ත අසරණ වෙච්ච පවුලකට රුපියල් 20,000 දිය යුතුයි.

මා එහෙම යෝජනා කරනකොට ආණ්ඩුවයි, ඩීල් කල්ලියයි මොකක්ද කියන්නේ? බුවනෙකබා රජ්ජුරුවන්ගේ අන්තඃපුරය ගැන අගමැති කියනවා.

මගේ ආර්ථික දර්ශනය ගැන අගමැතිතුමා විවිධ ප්‍රකාශ කර තිබුණා. මා එතුමට කියනවා වහෙන් ඔරෝ ඕනෑ නැහැ. සමච්චල් කර කර ඉන්න ඕනෑ නැහැ. තැන් තැන්වල නන් දොඩවන්න ඕනෑත් නෑ. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර ඕනෑත් නැහැ.
ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන හැටි, රටේ ආර්ථිකය ගොඩ නඟන හැටි, ආර්ථිකය කළමනාකරණය කරන හැටි ගැන එක තැනක වාඩි වී සංවාද කරමු. විවාද කරමු. එතකොට ජනතාවට හරියට කාට ද රට ගොඩනඟන්න පුළුවන් කියා දැනගත හැකියි. විවාදය අපි බොහොම විනිවිදභාවයෙන් යුතුව කරමු.

සජිත් ප්‍රේමදාස රුපියල් 20,000 දෙන්නේ කොහොමද කියා සමහරුන් ප්‍රශ්න කළාට එදා මහ බැංකුව කැඩුවේ කොහොමද කියා කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. වැඩ බැරි ආණ්ඩුවයි, ඩීල් කාරයොයි භූමිතෙල් ගෑවුණ ගැරඬියන් වගේ හැසිරෙනවා. ආණ්ඩුවයි ඩීල් කල්ලියයි සමච්චල් කරන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට බව මතක තියා ගන්න. බොරු කියපු ඔබට ප්‍රෝඩාව කරපු මේ ආණ්ඩුවට පාඩම උගන්වමු” යයි ද සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

(*** අංජුල මහික වීරරත්න, *** නිමල කොඩිතුවක්කු සහ *** රත්නපුර අධිකරණ ඒ.ජී. වික්‍රමසිංහ)



අදහස් (1)

වැඩ බැරි ආණ්ඩුවයි ඩීල් කාරයොයි ජීවිත එක්ක සෙල්ලම් කරනවා

Raveendra Thursday, 23 July 2020 11:39 AM

පළමුව අවුරුදු 60ක්‌ 70ක් වැනි "ඉතා කෙටි කාලයකදී" රටේ බලය ලබාගෙන සිටි සියලුම දේශාපාලන හාල්පාරුවන් කිසිඳු වැඩක්‌ බැරි අය බව සජි මලයාට අමතකවීම අරුමයකි. එනමුත් තම තමන්ගේ වපසරිය බදුගෙවන අහිංසක පුරවැසියන්ගේ ගිණුමෙන් වැඩිකරගැනීම සැමවිටම කරගත් සේම තුන්වේලද පිනටම ගිලදමමින් කිසිඳු ලැජ්ජාවක් නොමැතිව මෙවන් බේගල් දෙසාබාන්නේ කෙසේද යන්න මෙවන් අපතයින් ගැන කුමක් කතාකළ යුතුද? සජි පුතාලා බලයේ ඉන්නකොට නැගෙනහිර පළාතේ අහිංසක පොලිස් නිලධාරින් සිය ගණනක් අමු අමුවේ මරාදාන දායකවුණු සිදුවීම ජීවිත එක්ක සෙල්ලම් කිරීමක් නොවේද? කොටි ම්ලේච්ඡයින් එක්ක ඒ කෙරුවේ ඩීල් දැමීමක් නොවේද යන්න සජී පුතාගේ කටින්ම දැනගැනුමට අප මගබලා සිටින්නෙමු.

:       5       152

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 888 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 990 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site