(නිමල කොඩිතුවක්කු)
මහ මැතිවරණයට ආසන්න දින කිහිපයේදී වික්‍රමසිංහ-රාජපක්ෂ කල්ලිය එකට එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජනබලවේගයට එරෙහිව කුමන්ත්‍රණ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද(29) කොළඹදී පැවසීය.
මධ්‍යම සංස්කාතික අරමුදලේ මුදල් වංචා කළ බවට රාජපක්ෂ කල්ලිය චෝදනා නගන විට වික්‍රමසිංහ කල්ලිය සමගි ජනබලවේගයෙන් තරග කරන පිරිස් දොට්ට දමා ඇති බවට ප්‍රචාර සිදුකරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුලු සියලුම පිරිස ආරක්ෂා කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජනබලවේගය කටයුතු කරන බවද මදුදුමබණ්ඩාර මහතා කීවේය. එළැඹෙන අගෝස්තු පස් වෙනිදා රාජපක්ෂ සහ වික්‍රමසිංහ කල්ලිය එකට තබා පරාජය කිරීමට ජනතාව කටයුතු කරනු ඇතැයිද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද කීවේය.
“මැතිවරණයේ අන්තිම සතිය වනවිට රට පුරා විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ දුරකතනය වටා එක්රැස් වී තිබෙනවා. අවසාන සතිය වනවිට රාජපක්ෂ වික්‍රමසිංහ කුමණ්ත්‍රණය දැන් කරලියට ඇවිත් තියෙනවා.සජිත් ප්‍රේමදාස මහතාටත් අපේ පක්ෂයටත් එක පැත්තකින් රාජපක්ෂවරු බොරු චෝදනා එල්ල කරනවිට අනික් පැත්තෙන් මිනිස්සු බයකරලා හරි යමක් කරන්න ඕන කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ කල්ලිය අද කටයුතු කරනවා. මේක දෙගොල්ලො එකතුවෙලා කරන වැඩක්.
දැන් වික්‍රමසිංහ කල්ලිය මහමැතිවරණයට දින කිහිපයක් තිබියදී අපේ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා ඉවත් කරන්න යනවලු. මේ රටේ මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන් ඉවත් කළයුත්තේ කරුණු විමසලා විභාගයක් තියලයි. සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිසත් ඉවත් කරලද කියලා එක්සත් ජාතික පක්ෂයේ සුලු පක්ෂයේ ලේකම්වරයාගෙන් අපි අහනවා. අපේ පලාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුලු සියලු දෙනාගෙම මන්ත්‍රීකම් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. දැනටමත් අපි ජනාධිපති නීතීඥවරුන් මාර්ගයෙන් අවශ්‍ය නිතිමය පියවර ගෙන තිබෙනවා.
බෝගොල්ලාගමගෙ ඉදලා මන්ත්‍රීවරු තිහ හතලිහක් ඉවත් වෙලා ගියා. එක්කෙනෙක්වත් ඉවත් කරන්න බැරිවුනා. අද අනිතිම සතියේ දේශපාලන වාසි ගන්න මන්ත්‍රීවරු බය කරන්න තමයි මේ හදන්නේ. මහමැතිවරණයේ අන්තිම සතියේ දේශපාලන වාසි ගන්න මන්ත්‍රීවරු බියගන්වන්න තමයි මේ හදන්නේ. ඡන්ද නැතිවනවිට රනිල් වික්‍රමසිංහ ඇතුලු මේ කණ්ඩායම කරන බාල වැඩවලට අපේ මන්ත්‍රීවරු රැවටෙන්නෙත් නෑ, බයවෙන්නෙත් නැහැ කියලා අපි කියනවා.අපි සිරිකොත අල්ලනවා කියලා දැන් කියාගෙන යනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ සියල්ල අපි අල්ලලා තියෙන්නේ. පස්වෙනිදා ඡන්දයෙන් මේ අයට තේරෙයි. පාලුවට ගිය සිරිකොත මන්දිරය අල්ලන්න අපිට අවශ්‍ය නැහැ. දුම්මල ගහලවත් එලවන්න බැරි මලපොර්තයෝ කුම්බාන්ඩයො විතරයි එතන දැන් අරක් ගෙන ඉන්නේ.
ලබන පස් වෙනිදාට ඔය කියන කණ්ඩායමට මන්ත්‍රීකමුයි තනතුරුයි ඔක්කොම නැතිවෙනවා කියලා ආණ්ඩුවත් එක්ක ඩීල් දාන එක්සත් ජාතික පක්ෂයේ සුලුතර කණ්ඩායමට අපි කියනවා.ලෝකයේ හොඳටම කොරෝනා පාලනය කළේ මේ ආණ්ඩුව කියලා මේ අය කියනවා. මේ රටට ආදායම උපයන රටවිරුවන් ගෙන්වගන්න ඇයි කටයුතු කරන්නේ නැත්තේ කියලා අපි අහනවා. ලබන පස්වෙනිදා අපි බලය ගත්තම කන්න නැතුව, අසරණව කඳවුරුවල සිටින සියලුම විදේශගත ශ්‍රමිකයන් ගෙන්වගන්න අපි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවසීය.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වික්‍රමසිංහ-රාජපක්ෂ කල්ලිය සමගිජන බලවේගයට එරෙහි කුමන්ත්‍රණයක
vinivida Wednesday, 29 July 2020 01:32 PM
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවූ දා සිට පක්ෂයට ශක්තියක් නොවූ සෑම අවස්ථාවකම පක්ෂය විනාශකිරීමට උත්සාහ කළ පක්ෂය තුළ කල්ලි කල්ලි කණ්ඩායම් සෑදු දේශපාලනය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති අවස්ථාවේදී කණ්ඩායම වෙනත් පක්ෂයක් සාදාගෙන ඇත. මොවුන් අධිකරණයට පවා රැවටීමට උත්සාහ දරා ඇතිබව කියනු ලැබේ. එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය සඳහා මේවනවිට අපහසු වුවත් පක්ෂයේ අනාගතය උදෙසා නිවැරදි තීන්දුවක් ගෙන පක්ෂයෙන් වෙන්ව ගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කොට ඇත. එය කළයුතුම දෙයකි. එසේ නොකරන්නේ නම් පක්ෂයට ඉදිරි ගමනක් නැත. එම තීන්දුව සඳහා එකසත් ජාතික පක්ෂයට මේ ලැබී ඇත්තේ සුදුසුම අවස්ථාව වේ. මොවුන් පක්ෂයේ සිටියේ නම් කිසිදිනෙක පක්ෂය ශක්තිමත් වන්නේ නැත. රටේ බහුතර පිරිසකගේ සහ විශේෂයෙන්ම තරුණයින්ගේ මතය වනුයේ සජිත්ට රටක නායකත්වයට සුදුසු පුද්ගලයකු නොවන බවකි. පොරොන්දු දුසින් ගණනක් ඉදිරිපත් කළද එම පොරොන්දු ඉටුකිරීමට මුදල් ලබා ගන්නේ කෙසේද කියාවත් ප්‍රකාශ කරන්නට හැකියාවක් ඔහුට නොමැත...