(පී. සමරසිංහ)
‘‘අද ශ්‍රී ලංකාව ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදන ‘හබ්’ එක බවට පත්වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය එන්නෙ සුළුවෙන් නොවෙයි නැව් පිටින්’’ යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා බෙලිඅත්තේ ‘‘ප‍්‍රඥාසාගර’’ පිරිවෙන් විහාරස්ථානයේ පැවැති උත්සවයකදී ප‍්‍රකාශ කළේය.
අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
‘‘අද මේ රටේ චෛත්‍යයක්, බුද්ධ ප‍්‍රතිමාවක් හදනකොටත් ඒවාට සිමෙන්ති ආදිය ලැබුණේ කොහොමද කියා ප‍්‍රශ්න කරන තත්ත්වයේ ආණ්ඩුවකුයි පවතින්නේ. කොයි මොහොතෙ, කවුරුන්, කුමක් සඳහා සී.අයි.ඞීයෙන් ප‍්‍රශ්න කරයි ද දන්නෙ නැහැ. දේශපාලනඥයන් මර්දනය කළ හැකියි. නමුත් ආගමත්, ධර්මයත්, පන්සලත් මර්දනය කරන්න බැහැ. එසේ කරන්නට ඉඩ දෙන්නත් බැහැ. ඈත හා මෑත අතීතයේදිත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල වශයෙන් ඝාතනය වුණා. පසුගිය දිනවල බෝගසක් කපන්න සූදානම් වුණා. එයට වැඳුම් පිදුම් කරන බෞද්ධයන් එයට විරුද්ධව නැගී සිටියා.
චෝල අධිරාජ්‍යවාදීන් මේ රට යටත් කර ගන්නා අවස්ථාවලදීත් මෙවන් දේ සිදුවුණා. අපේ දූ දරුවන් යහ මඟට හරවන්න ආගමික පරිසරයක් තියෙන්න ඕන. එදා මේ රටේ සිටි වැඩි පිරිසක් සතර පෝයටම සිල් ගත්තා. නිරන්තර පන්සිල් රැක්කා. වැඩිහිටි සමාජය පස්පවේ ඇලී ගැලී සිටිනවා නම් දරුවන්ට දෙන ආදර්ශය කුමක් ද?
පළිගැනීම අද පාලකයන්ගේ සෙල්ලමක් වෙලා තියෙනවා. ඒ අතරේ රටේ මත්ද්‍රව්‍ය වැඩිවෙලා. මත් අපරාධ ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙනවා.
පසුගියදා උසාවි ගෙනයන සිරකරුවන් ඇතුළු හත් දෙනකු ඝාතනය වුණා. පිටරටක නම් ඒ සම්බන්ධව වගකිව යුතු අය කටයුතු කරන්නෙ මෙහෙම නෙවෙයි’’.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති, ප‍්‍රඥාසාගර විහාරාධිපති මොරයායේ කස්සප යන හිමිවරු ද, සභාව ඇමතූහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන නාමල් රාජපක්ෂ, ඞී.වී. චානක, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, පළාත් සභා මන්ත‍්‍රී සිංහ සමන් කුමාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කාලේ හිර ගෙදර දරුණු මිනීමැරුමක් උනා. එතකොට නිතිය හරියටම ක්‍රියාත්මක වෙලා අපරාධ කරුවන්ට නීතියෙන් දඩුවම දුන්න හීනෙන් වගේ මට මතකයි.
ලංකාව අවට බොහෝ රටවල් මත්දූව්‍ය සම්බන්ධයේන් නිතී රිතී තදයි. මරණීය දණ්ඩනය පවා ලැබෙනවා. අද ලංකාවේ නිතීයේ දුර්වලතාවයන් නිසා මහා පරිමාණ ජාවාරකරැවන්ට ලංකාව හොද තෝතැන්නක් කරගෙන.
මටනම් මතක්වෙන්නේ රජ කාලේ රජ්ජුරුවන්ට සුදුහකුරු ගෙනා මිනිහගේ කතාව