සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
වෛද්‍ය රාජිත සේනාරත්න
රටේ තත්ත්වය බැරෑරුම්ය. එහෙම වුණේ ඇයි? දැන් කළ යුත්තේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් ඉකුත් රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා ද වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - ඔබ හිටපු සෞඛ්‍ය ඇමැති. රටේ අද තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?
පිළිතුර - තත්ත්වය ඉතාමත් බැරෑරුම්. මේ තත්ත්වය අපේ රටේ වෛද්‍ය විශේෂඥවරුන්, මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට දැනුම් දුන්නා. නමුත් රජය ඒ ගැන සැලකිල්ලක් දැක්වූවේ නැහැ. ප්‍රධානම ප්‍රශ්නය රජය තීන්දු ගන්නේ වෛද්‍ය උපදෙස් මත නොවෙයි. දේශපාලන උපදෙස් මතයි. මේකට කිසිම පිළියමක් දේශපාලනය තුළ නැහැ. මේකට තියෙන එකම පිළියම තමයි සෞඛ්‍යය. එතකොට සෞඛ්‍ය ගන්න තීන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඕනෑ දේශපාලනයෙන්. එච්චරයි දැන් තත්ත්වය ඉතාමත් බැරෑරුම්. ඇත්තම කිව්වොත් හරිම බැරෑරුම් බව තවම ඇවිත් නෑ. අදට වඩා බැරෑරුම් වෙනවා හෙට දවසේ. මොකද අද ආසාදනය වන එක්කෙනාට රෝග ලක්ෂණ පහළ වෙන්න සති දෙකක් යනවා. සති දෙකෙන් එහාට ප්‍රතිකාර කරනවා. ඊට පස්සේ තමයි ජීවත් වීම හෝ මරණය තීරණය වෙන්නේ. එතකොට ඒ රෝගියාට මාසයකට පස්සේ තමයි හරිම තීන්දුව ලැබෙන්නේ. මීට මාසයකට විතර ඉස්සෙල්ලා ආසාදනය වෙච්ච අය තමයි. අද මිය යන්නේ. අද එදාට වඩා උත්සන්නයි. ඒ නිසා තව මාසයක් යන කොට මීට වඩා සංඛ්‍යාවක් මිය යනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය.
ප්‍රශ්නය - ඔබ හිතන විදියට මෙහෙම වුණේ ?
පිළිතුර - මේ අය මුල ඉඳලම වරද්ද ගත්තා.
ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් පළමු හා දෙවැනි රැලිවලද තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව සමත් වුණා.
පිළිතුර - පළමුවැනි රැල්ල පාලනය කිරීම ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද ඒකෙ රෝග ලක්ෂණ මෙහෙම අමාරු වුණේ නෑ. ලෝකයේ පළමු රැල්ල දෙවැනි රැල්ල පාලනය කරගන්න රටවල් තුන්වැනි රැල්ලෙදි සාර්ථක වෙලා තියෙනවා. අපේ රටේ වුණේ පළමු රැල්ල දෙවැනි රැල්ල හොඳට කරලා තුන්වැනි රැල්ල විනාශ කර ගැනීමයි. පළමු වැනි රැල්ල එච්චර අමාරු නෑ. ඒ රැල්ල කොහොමත් ඇවිත් ඊට පස්සේ බැහැලා යනවා. කුඩා ලක්ෂණ තියෙන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ දේවල් එන්නේ. ඒ වෙලාවේ තිබුණු ප්‍රභේදය වැඩියෙන්ම වැළඳුණේ අවුරුදු හැට පැනපු අයට. නමුත් මේකෙදි එහෙම නෑ. වයස් කාණ්ඩයක් නෑ. ඔබ ළමා රෝහලට ගිහින් බලන්න ඉන්න ළමයි සංඛ්‍යාව. එතකොට අද බොහෝ තරුණ පිරිස් මේ වයිරසය නිසා මැරෙනවා. දැන් අවුරුදු 60ක කතාවක් නෑ. ඒ නිසා ඒක තමයි මෙතැන තියෙන ප්‍රශ්නය. පළමු රැල්ලෙදි කවුරුහරි මැරුණනම් ඇත්තටම එහෙම මැරෙන්න ඕන නෑ. මේ රටේ මොකද මේක දිවයිනක්. රට වටේම වතුර තියෙන්නේ. මේ රටට ගොඩවෙන්න පුළුවන් එක තැන ගුවන් තොටුපළ. ගුවන් තොටුපළ වහලා දැම්මානම් ඒ වෙලාවේ එහෙම නැතිනම් ගුවන් තොටුපොළට ආපු අය පීසීආර් පරීක්ෂණය කරලා පැය විසි හතරක් හරි හෝටලයක තියලා වාර්තාව ආවම ‘නෙගටිව්’ අය රට ඇතුළට දැම්මානම් මේ තත්ත්වය වෙන්නේ නෑ.
ප්‍රශ්නය - විපක්ෂයට නොයෙක් විදියේ යෝජනා ගේන්න පුළුවන්. නමුත්...
පිළිතුර- පොඩ්ඩක් ඉන්න එහෙම තමයි අපි මැලේරියාව දෙවැනි වටයට එන එක වළක්වා ගත්තේ. එයම තමයි මට පෙර හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් සාස්, චිකුන් ගුන්යා මේවා ඔක්කොමගෙන් රට බේරා ගත්තේ. මොකද මේක දිවයිනක්. මේ වගේම තමයි අද හොංකොං තායිවාන් වැනි දිවයින් මේකෙන් බේරුණේ. ගුවන් තොටුපළ කළමනාකරණය කිරීමෙන්. නමුත් අපේ රටේ එහෙම කළේ නෑ.
ප්‍රශ්නය - ගිය අවුරුද්දේ මාස දෙකක් විතර රට වහලා තිබුණේ.
පිළිතුර - ඒ අපි කරපු බලපෑම නිසයි. නැත්නම් ඒත් කරන්නේ නෑ. රට වැහුවා කියමුකෝ. මේ ගොල්ලෝ මුළු ලෝකයටම දැන්වීම් දාලා කිව්වා. ඒකට ඒ මාධ්‍ය ආයතන ප්‍රධානියා කෝටි ගානක් වියදම් කළා. එහෙම වියදම් කරලා කිව්වා. ‘ලංකාවේ කොවිඩ් නෑ ලංකාවට එන්න’ කියලා. ඊට පස්සේ ඉතාලියේ ඉඳලා ආ අය කෝවිඩ් අරගෙනම ආවා. අපි එයාර්පෝට් එක වහන්න කියලා කියද්දී වහපු නැති ආණ්ඩුව අන්තිමට කොවිඩ් එක රට ඇතුළට අරගෙන ව්‍යාප්ත වෙනකොට වැහුවා. ඊට පස්සේ වැඩක් නෑ.
ප්‍රශ්නය - තුන්වැනි රැල්ලට හේතුව අවුරුද්ද සමරන්න ඉඩදීම.
පිළිතුර - ඉතාම පැහැදිලිව ඔව්.
ප්‍රශ්නය - අවුරුද්ද සමරන්න දුන්නේ නැත්නම් විපක්ෂය කියන්නේ මේ ආණ්ඩුව අවුරුද්ද සමරන්නවත් දෙන්නේ නෑ’’ කියලා.
පිළිතුර - නෑ කවදාවත් කියන්නේ නෑ. අපි දැක්කනේ ඉන්දියාවේ. එහෙ කුම්භමේලාවලින් වෙච්ච විනාශය අපි දක්කා. එතකොට කවුරු කිව්වත් මිනිස්සු පිළිගන්නේ නෑ. කුම්භමේලාවෙන් වෙච්ච මහා විපත්තිය දැක දැක තමයි අපි අවුරුදු සමරන්න ඉඩ දුන්නේ. ඒ විතරක් නොවෙයිනේ. අපේ විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඔක්කොම ජනාධිපති කාර්ය බළකායට කිව්වා අවුරුද්දට සීමා පමුණුවන්න කියලා. එහෙම කිව්වට ඒක දේශපාලන තීන්දුවලින් වෙනස් වුණා. සෞඛ්‍යයේ අය දන්නවා කවුද එහෙම කළේ කියලා. මම කියන්න යන්නේ නෑ. ඒ කට්ටිය කිව්වා ජනාධිපතිතුමා ඊට පස්සේ කිව්වා එහෙමනම් අපි අවුරුද්දෙන් පස්සේ අවශ්‍ය වුණොත් තීන්දු ගමු කියලා. හරි ඒක තමයි ඇත්තටම වුණේ. දැන් මේ තත්ත්වයේදී අපට කරන්න පුළුවන් එකම දේ තමයි සංචරණය සීමා කිරීම.
ප්‍රශ්නය - ආණ්ඩුව දැන් ඒක කරලා තියෙන්නේ?
පිළිතුර - ඔව්. අශ්වයා පැන ගියාට පස්සේ. දැන් අපට එන්නත් ගහලත් නෑ. එන්නත ගහන්න පටන් ගන්න තිබුණේ මුල ඉඳලා.
ප්‍රශ්නය - මුල් අවස්ථාවේ එන්නත් තිබුණේ නෑ.
පිළිතුර - එක නොවෙයි මම කියන්නේ මුල් අවස්ථාවේදීම එන්නත් ඇනවුම් කළේ නෑ. ගිය වසරේ මැයි මාසේ 20 වෙනකොට පාර්ලිමේන්තුවේ තිබුණ කොවිඩ් විවාදයේදී මම ප්‍රකාශ කළා මම ඉල්ලීමක් කළා ආණ්ඩුවෙන්.. මම කිව්වා තව මාස දෙක තුනකින් කොවිඩ් එන්නත් නිෂ්පාදනය පටන් ගන්නවා. එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්. ඒවා වෙළෙඳ පොළට දාන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. 2021 ජනවාරිවලදී. 2021 ජනවාරිවලදී වෙළෙඳ පොළ එන්නත නිකුත් කළාට අපි ඇනවුම් නොකළොත් අපිට ලැබෙන්නේ 2022 අප්‍රේල් වෙනකොටයි. දැන් ඒක තමයි වෙන්නේ මේගොල්ලෝ ඔළුව වන වනා හිටියා. කළේ නෑ. මේක කෙරෙන්නේ නැති නිසා මම නැවත නොවැම්බර් මාසයේ තිබුණ අයවැය විවාදයේදී කිව්වා ‘වහාම ඇනවුම් කරන්න’’ කියලා.
ප්‍රශ්නය - නමුත් ආණ්ඩුව ඒක ඇහුවේ නෑ?
පිළිතුර - ඔව් ඇමැතිවරයා එක එක මිනිහට බැණ බැණ මට බැණ බැණ හිටියා මිසක් ශත පහක වැඩක් කළේ නෑ. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. මොකක්ද කළේ සුදර්ශන පැණිය ගෙන්නලා පොවන්න හැදුවා. ධම්ක පැණිය ගෙනල්ලා පොවන්න හැදුවා. හැබැයි කියන්නේ ඖෂධවේදය ගැන මහාචාර්යවරයෙක් කියලයි මේක තුළ මොකද්ද වුණේ. එන්නත ඇණවුම් කළේ නෑ. මේගොල්ලෝ බලාගෙන හිටියෙ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිව්වා එන්නත් ලක්ෂ 40ක් එවනවා කියලා. ඒ ගොල්ලොත් හිර වුණා. ඒගොල්ලො එව්වේ දෙලක්ෂ හැට හතර දාහයි. එතකොට ඉන්දියාවෙන් දුන්නා ලක්ෂ පහක්. මේවා ඔක්කොම ප්‍රදාන ඊට පස්සේ ඇත්තටම සල්ලි දීලා එන්නත් ලක්ෂ 5ක් ඉන්දියාවෙන් ගත්තා. හරිද? මේ මට්ටමින් මදි අපේ රටේ ජනගහණයට ඔක්කොටම මේ වයිරසය වැළඳෙනවා ඒ නිසා බාගයකට එන්නත් විදලා හරියන්නේ නෑ. ලක්ෂ 220ටම විඳින්න ඕනැ. ලක්ෂ 220ට විදිනවා කියන්නේ අපට එන්නත් ඕනෑ ලක්ෂ 440ක්. අපි තාම ගෙනල්ලා තියෙන්නේ ලක්ෂ 14යි. ලක්ෂ දාහතර ලක්ෂ 440ක් වෙන්නේ කවදාද එතකොට එන්නත දෙනකම් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? දැන් ඩොලර් 2යි 150 විකුණපු ඉන්දියාවේ එන්නත මේ ගොල්ලෝ දැන් ගන්නේ ඩොලර් 5යි. 25ට. ඒවත් ගන්නේ කෙළින්ම සල්ලි දීලා ස්පුටිනික් එක තිබුණේ ඩොලර් 5ට අඩුවෙන්. දැන් ගන්නේ ඩොලර් 9යි 95ට. මම දන්නෙ නෑ මේවා අතරේ බිස්නස් තියෙනවද කියල. එතකොට මේ තරම් මුදලකට වියදම් කරලත් අවශ්‍ය එන්නත් නෑ. දැන් ඇස්ට්‍රාසෙනිකා ඉන්දියාව දෙන්නේ නෑ. ඉන්දියාවේ අද මහා ව්‍යසනයක් තියෙන්නේ. හොඳ වෙලාවට ලෝක සෞඛ්‍ය සංවිධානය චීන එන්නතට අනුමැතිය දුන්නේ. ඒක නිසා අගමැතිතුමා චීනෙන් තමයි එන්නත් ගෙන්නලා, ඔක්සිජනුත් ගෙන්නලා, වෙන්ටර්ලේටර් ගෙන්නලා තියෙන්නෙ. මොනිටරුත් එවන්නලු. ඔක්කොම චීනෙන්. මොකද මේගොල්ලන්ට උදව් කරන්න කවුරුවත් නෑ. දැන් ඇත්තටම වැක්ෂින් නෑ අපට. අද බලන්න වැක්ෂින් ගහන්න පටන් ගන්න තැන්වල මගදි නවත්වනවා. ඉතා සීමිත ප්‍රමාණයක් තමයි ගහන්නේ. හැබැයි කිලෝ මීටර් දෙක තුන පෝලිම් තියෙනවා.
ප්‍රශ්නය - ඔය තත්ත්වය විපක්ෂයේ ප්‍රාර්ථනයක්.
පිළිතුර- විපක්ෂයෙ ප්‍රාර්ථනයක් වෙන්නේ නැහැනේ. විපක්ෂයේ අයත් මේකෙන් මැරෙනවනේ. විපක්ෂයෙයි ආණ්ඩුවෙයි කියලා තෝර තෝරා මැරෙන්නේ නැහැනේ. මේකේ කතා කරන මම මැරෙන්න පුළුවන්. කතා නොකරන ආණ්ඩු පක්ෂයේ කෙනෙක් මැරෙන්නත් පුළුවන්. වසංගතයක් කියන්නේ එහෙම එකක්. මානව ශිෂ්ටාචාරයේ අපි මේ මුහුණ දෙන දරුණුතම වසංගතයක්. ඒක දැනගෙන තමයි අපි මේකට මුහුණ දිය යුත්තේ.
ප්‍රශ්නය - ඔබ හිතන විදියට ආණ්ඩුව වරද්ද ගත්තේ කොතැනින්ද?
පිළිතුර - මම මුලින්ම කිව්වේ මුල ඉඳලම වරද්ද ගත්තා. අපේ සෞඛ්‍ය අමාත්‍යංශයෙ අය දන්නව ඇත්ත තත්ත්වය. නමුත් කාර්ය සාධක බළකාය ඉස්සරහා ඒක කියන්න බෑ. මොකද ඊට වඩා උස් හඬින් තමයි ඒ අය කතා කරන්නේ. අනිත් එක වියත් මග කියලා එතෙන වාඩි වෙලා ඉන්නවා. වෛද්‍යවරු කියලා. ඒ එක්කෙනෙක්වත් වසංගත රෝග හෝ වයිරස් ගැන අවබෝධයක් තියෙන අය නොවෙයි. නමුත් ඒගොල්ලො තමයි කතා කරන්නේ. මුල් කාලෙ මතකනේ ටී වී බදු අරගෙන හිටියෙ ඒ අයනේ. අපේ මාධ්‍ය ආයතනත් ඒ ගොල්ලන්ගෙන් තමයි අහන්නේ ‘මොකද වෙන්නේ’ කියලා. මේවා අධ්‍යයනය කළ යුතු දේවල්. අනිත් එක මතක තියා ගන්න ලංකාව කොච්චර වසංගත රෝග මර්දනය කරපු රටක්ද. මගේ අවුරුදු පහ තුළ පමණක් මැලේරියාව අපේ රටින් තුරන් කළා. බරවා රෝගය ඉවත් කළා. සරම්ප ඉවත් කරළා. රුබෙල්ලා ඉවත් කළා. මවගෙන් දරුවාට වැළඳෙන පිට ගැස්ම නැති කරලා දුන්නා. මවගෙන් දරුවාට වැළඳෙන එච්.අයි.වී. ආසාදනයත් ඉවර කරලා දුන්නා. එතකොට මුළු දකුණු ආසියාවෙම අපි තමයි එච්.අයි වී ආසාදියන් හොඳටම මෙල්ල කරගෙන හිටියේ. 2025 වෙනකොට එච්.අයි.වී. ලංකාවෙන් තුරන් කරන්න සූදානම් වෙමින් හිටියේ. අපේ රට තමයි එන්නත්කරණයේදී හොඳම රට. අපි ඇමරිකාවටත් උඩින් හිටියෙ. නමුත් අද මොකද වුණේ. එන්නත්කරණය අද අපේ කීයද සීයට දහයක්වත් නැහැනේ. මේ විදියට අවුරුදු එක හමාරක් තුළ මේක කඩා වැටුණේ කොහොමද? මේකට ආණ්ඩුව වග කියන්න ඕනෑ. එන්නත්කරණය මේ තරම් කඩා වැටීම ගැන වසංගත පාලනය කළ රටක් මේ විදියට කඩා වැටීම ගැන ආණ්ඩුව වග කිව යුතුයි.
ප්‍රශ්නය - ඔබ හිතන විදියට මේ තත්ත්වයට හේතුව?
පිළිතුර - මෙහෙමයි අපේ රටේ විශේෂඥයන් තමයි අනික් රටවල්වල වසංගත නැති කරන්න ගියෙත්. විශේෂඥ වෛද්‍ය ලක් කුමා ප්‍රනාන්දු, රිසින්තලා වගේ අය තමයි ලාහෝර්වලට ගිහින් ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම මර්දනය කරලා සම්මාන අරගෙන ආවේ. විශේෂඥ වෛද්‍ය මානෙල් අනුර බණ්ඩාර තමයි නැගෙනහිර ටිමෝරයේ ඩෙංගු වසංගතය තුරන් කළේ. හරි පසුගිය කොරෝනා ආරම්භයේදී ඉතා හොඳ මට්ටමකට ගෙනාවෙත් එතුමිය. මේ වගේ කට්ටිය අද කොහේද ඉන්නේ. අද ඔය ඇමැතිවරු ඒගොල්ලන්ට බනිනවා. විශේෂඥ වෛද්‍ය ලක් කුමා ප්‍රනාන්දු විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ දෙන්නටම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වසංගත රෝග මර්දනය කිරීමට පුහුණු කරලා තියෙන්නේ. ආනන්ද විජේවික්‍රම තමයි පවිත්‍රා ඇමැතිතුමියව බේරා ගත්තෙත්. ඒත් ඒ දෙන්නවම ඖෂධ අධිකාරියෙන් දොට්ට දැම්මා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නියෝජිතයෙක් හැටියට විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ව පත් කළා මගේ කාලේ දුම්කොළ වසංගතය තුරන් කරන්න එතුමාට බාර දීලා තිබුණේ. එතුමාවත් දොට්ට දැම්මා. ලෝකය සලකනවා, මේගොල්ලෝ විසි කරනවා. ඒකෙන් තමයි මේ විනාශය සිද්ධ වුණේ.
ප්‍රශ්නය - මේ තත්ත්වය යහපත් අතට හරවන්න ඔබ සතුව ඇති යෝජනා?
පිළිතුර - දැන් කරන්න ඕනෑ එකම දේ තමයි සංචරණය සීමා කරලා රට ලොක් ඩවුන් කිරීම. ආර්ථිකය ගැන බලන්නේ නැතිව රට ලොක් ඩවුන් කරන්න ඕනෑ. ආර්ථිකය ගැන බලන්න දෙයක් නෑ. දෙකෙන් කොයි එකද භයානක. එක පැත්තකින් ආර්ථිකය කඩා වැටෙනවා. තව පැත්තකින් මිනිස්සු මිය යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි ප්‍රකාශයක් කළා ලංකාව වහාම ලොක් ඩවුන් එකට යන්න කියලා. ඩොක්ටර් ජීවන්දරලා ජනවාරි 8 කිව්වේ මේ මේ ක්‍රියා මාර්ග ගන්න කියලා. නමුත් ඒවා සැලකුවේ නෑ. මහාචාර්ය සුනේත්‍රා අහම්ගොඩ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. එතැනදි පැහැදිලිව කියනවා වහාම ලොක් ඩවුන් එකකට යන්න ලොක් ඩවුන් එක පහු කරන හැම දිනකටම දෙන්නෙක් තුන් දෙනෙක් දවසට මැරෙයි. 150ක් 200ක් රෝගීන් දවසට වැඩියෙන් වාර්තා වෙයි කියලා. මේ අය ඔක්කොම එහෙම කියද්දීත් ආණ්ඩුවට වැදගත් වෙලා තියෙන්නේ යුනිෆෝම් ඇඳලා ඉන්න අය කියන ඒවයි. මේ විනාශයට හේතුව ඒකයි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මාක්ස්වාදී මූලයකින් යුතු පක්ෂයක නායකයකු ලෙස බලයට පත්වූයේ ඔහු එම මූලය මත රට පාලනය කරනු ඇතැයි බොහෝ සිත්සතන්වල සැක සංකා ප
මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම පෙරේදා (04) ආරම්භ වූ අතර, එය ලබන එකොළොස්වැනි දා දක්වා සිදු කෙරේ. මේ නිසා දේශපාලන පක්ෂ මේ වෙන විට අතිශයින් කාර්යබහුල වී ඇති
ජනාධිපති ලේකම් කාර්යාලය, අමාත්‍යාංශ සහ රජයේ විවිධ ආයතනවල නිලධාරීන් එම තනතුරු වෙනුවෙන් ව්‍යවස්ථාපිතව ලැබෙන නිල රථ හා වෙනත් දීමනා අවභාවිත කරන බවට කාලය
මෙරට නව වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති 2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක ඡන්ද පනස් හය ලක්ෂ තිස
අගමැතිකම දරන්නට ඔහුට කිසි අයිතියක් නැහැ’’ කියමින් සර් ජෝන් මහත් පෙරළි කළේය. මේ සිදුවීම් දෙස උපේක්‍ෂාවෙන් බලා සිටි ඩඩ්ලි සේනානායක නියම ප්‍රජාතන්ත්‍රව
ශ්රී ලංකා දේශපාලන ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජය තීන්දු ගන්නේ වෛද්‍ය උපදෙස් මත නොවෙයි