IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කළේ දේශපාලකයන්

(විනීතා එම් ගමගේ)


රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීම පිටුපස ඇත්තේ විවිධ හොර ජාවාරම් හා ව්‍යාපාරවල යෙදී සිටින ඇමතිවරු, ඔවුන්ගේ මල්ලිලා සහ ඒ පිරිසගේ සමාගම් වල බලපෑම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.
 
රේගුවේ සිදුවී ඇති බදු මුදල් වංචාවක් පිළිබඳව අධ්‍යක්ෂවරිය ගේ උපදෙස් මත පරික්ෂණයක් ආරම්භ වූ බවත් එකී වංචාව පිටුපස දේශපාලඥයින් සිටින බවත් කී ජයසේකර මහතා අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීම පිටුපස මේ සිද්ධිය ඇති බවත් කියා සිටියේය. 
 
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කොට ඒ වෙනුවෙන් විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රේගුව තුළ විශාල අර්බුදයක් ඇති වී තිබෙන බවත් මේ වනවිට අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාවලියක් ද එහි ආරම්භ වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
 
රාජ්‍ය පරිපාලන සේවයේ සියලූ දෙනා ද මේ පිළිබඳ විරෝධය දක්වන බව ද ඔහු කියා සිටියේය. 
 
 
රේගු අධ්‍යක්ෂ ජනරාල් පත් කරද්දී අනුගමනය කරන ක‍්‍රමවේදයක් ඇති බවත් රාජ්‍ය පරිපාලන සේවයෙන් හෝ රේගු දෙපාර්තමේන්තුවෙන් අයෙක් පත් කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදාය බවත් පෙන්වා දුන් ජයසේකර මහතා මේ අවස්ථාවේ එම සම්ප‍්‍රදාය කඩමින් රජය කටයුතු කර ඇතැයි ද කීය.
 
 
මෙම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය පත් කිරීම සඳහා මංගල සමරවීර අමාත්‍යවරයා කැබිනට් පත‍්‍රිකාවක් ගෙන ආවේ තමන් කැබිනට් මණ්ඩල සාමාජිකයෙක්ව සිටියදී බැව් කී ජයසේකර මහතා ඒ අවස්ථාවේ මංගල සමරවීර මහතා කී අයුරින්ම ඇය කිසිදු වංචාවකට හෝ හොරකමකට සම්බන්ධ වූ කෙනෙක් නොවන බව තමන් වටහා ගත් බව ද පැවසීය.


 රේගු අධ්‍යක්ෂ ලෙස ඇය තෝරා ගැනීමේ දී මංගල සමරවී ර මහතා තැබූ විශ්වාසය රකිමින් ඇය 2019 වසරේ ජනවාරි පළමුවැනිදා සිට 8 වැනිදා දක්වා බිලියන 17.58 ක් රජයට ආදායම් සොයා දී තිබෙනවා. 2018 දෙසැමිබර් 31 වනවිට බිලියන 920.9 ක් ආදායම් ලබා දී ඇති බව ද හෙතෙම කියා සිටියේය.


රජයේ ආදායමෙන් සියයට 35 ක් රේගු ආදයම් වන බව කී ලේකම්වරයා රේගු බදු ආදායම් අඩුවීමට හේතු වන කරුණු අතර ක‍්‍රමානුකූල නොවන පරිදි තීරු බදු සහන දීමෙන් බිලියන 31 ක් අහිමි වූ බවත් පෙට‍්‍රල් ඞීසල් මිල අඩු වීමෙන් ද රථවාහන එන්ජින් මත බදු අයකීරීම පටන් ගත් පසුවද ආදායම් අහිමි වූ බව කිය.
 
රේගුවේ වැඩ පිළිවෙල වන්නේ දේශිය කර්මාන්ත කරුවන් ආරක්ෂා කරමින් රජයේ ආදායම් වැඩි කිරීම වුවත් පසුගිය සමයේ මෙම කටයුත්තේ දී රේගුව තුල විවිධ දේ සිදුවූ බව ද සඳහන් කළේය. 
 
 
ගම්මිිරිස් මිල පහත වැටීමට හේතුව සොයාබැලීමේ දී සිදු වී තිබුණේ වියට්නාම් ගම්මිරිස් ටොන් 2400ක් ආයෝජන කලාපයේ සමාගමක් හරහා තීරු බදු රහිතව ලංකාවට කන්ටේනර් 134 කින් ගෙනැවිත් ඇති බවත් එය ලංකාවේ ගම්මිරිස් බව පවසමින් ඉන්දියාවට ප‍්‍රති අපනයනය කළ බවත් එයින් රටට බිලියන 1.8 ක පාඩුවක් වී ඇති බව ද හෙලි කළේය.
 
මේ සමාගම් අයිතිකරුවන් හා දේශපාලකයන් කවුදැයි තමන් දන්නවා යැයි කී ජයසේකර මහතා මෙසේම පොල්තෙල් තොගයක් ලංකාවටතීරු බදු නොගෙවා ගෙන්වීම තුළ රුපියල් මිලියන 81.3 ක් අහිමි වූ බව ද පැවසීය.
 
ප‍්‍රීමා සමාගම සම්බන්ධ කළ පරික්ෂණයක දී එම සමාගමේ නිශ්පාදන හා රේගු සටහන් අතර විශාල වෙනසක් තිබු බවත් පිටි කිලෝග්රූම් ලක්ෂ 473 ක් සඳහා සමාගමෙන් අය විය යුතු මිලියන 475 ක මුදල එකතු කර ගැනීමට ගිය විට අගමැති කාර්යලයෙන් බලපෑම් සිදුවී ඇති බවත් පැවසූ ජයසේකර මහතා මෙසේ දිනපතා අති විශාල මුදලක් රටට අහිමි වෙමින් පවතින්නේ යැයි ද කීය.
 
 අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන්නේ ඇය පැමිණි  පසු බදු මුදල් එකතුවීම අඩු වී ඇති බැවින් යැයි ඔවුන් පවසන නමුත් බදු ආදායම් අහිමි වන්නේ මේ වංචාවන් නිසා බවත් එයට අධ්‍යක්ෂ ජනරාල්වරිය විරුද්ධ බැවින් ඉවත් කරන බව පැහැදිලි බවත් හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කළේ දේශපාලකයන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 685 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 864 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site