IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘මහ මැතිවරණයේ අති විශිෂ්ඨ ජයක් ලැබීම අසීරු නැහැ‘

(නාලක සංජීව දහනායක)
 
අසීරු අවස්ථාවල මැතිවරණ ජයග්‍රහණය කළ තම පක්‍ෂයට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීම අසීරු කාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවැසීය.
 
එබැවින් සන්ධානයේ අනෙකුත් පක්‍ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කර පක්‍ෂයට 2/3 බලයක් ලබාගැනීමට සියළුම දෙනා කටයුතු කළ යුතු බවද ඔහු කීය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ ක්‍රියාකාරීන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සදහන් කළේය.
 
 මහ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකළ යුතු ආකාරය, එහිදී පක්‍ෂ ක්‍රියාකාරීන් මුහුණදෙන ගැටළු සහ ප්‍රාදේශීය වශයෙන් ඇතිව තිබෙන ගැටළු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කර සිටියේ පක්‍ෂ නායකත්වය පවා නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි අවස්තාවක පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ තම පක්‍ෂයට මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ කිසිඳු අභියෝගයක් නොමැති බවය. සියළුම දෙනා මැතිවරණ නීති රීතිවලට අනුව මැතිවරණ මෙහෙයුම් කටයුතු කළ යුතු බවත් ප්‍රචාරණ කටයුතු පරිසර හිතකාමීව සිදුකළ යුතු බවත් කී බැසිල් රාජපක්‍ෂ මහතා සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී සාමාන්‍ය ජන ජිවිතයට බාධා ඇති නොවන ආකාරයට සියලු කටයුතු සිදුකළ යුතු බවද අවධාරණය කළේය.
    



අදහස් (0)

‘මහ මැතිවරණයේ අති විශිෂ්ඨ ජයක් ලැබීම අසීරු නැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site