IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


’මෙවර අයවැයෙන් කළු සල්ලි සුදු කිරීමට ආණ්ඩුව කටයුතු කරලා’

(නිමල කොඩිතුවක්කු)

මෙවර අයවැය මගින් ජාත්‍යන්තර නීති රීති පවා උල්ලංඝනය කරමින් කළු සල්ලි සුදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(23) පැවසීය.

දේශපාලන වශයෙන් අසමත් වී ඇති ආණ්ඩුව ආර්ථිකමය වශයෙනුත් අසමත්  වී ඇති බව අද ඒත්තු ගන්වමින් සිටින බවද සේනාරත්න මහතා සඳහන් කළේය.

ජනතාවට සහන දෙන බව පවසා බලයට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව යහපාලන රජය ලබාදුන් සහන කප්පාදු කර ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇතැයිද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.

   
“මේ දිනවල පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙනවා. කළු සල්ලි සුදු කරන එක තමයි මෙහි තිබෙන භයානකම තත්ත්වය. මෙයට විරුද්ධව එදා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විපක්ෂයේ ඉඳන් කෑ ගැහුවා. කළු සල්ලි සුදු කරනවා නම් ඒ රටවලට විරුද්ධව ආර්ථික තහංචි දැමීමට ජාත්‍යන්තරයට හැකියාවක් ලැබෙනවා.
කළු සල්ලි සුදු කරන්න වෙනම වැඩපිළිවෙළක් මේ අය සකස් කරලා තියනවා. දිවුරුම් ප්‍රකාශයක් දීලා 1% ක බද්දක් ගෙව්වම ඕනම මුදලක් ගෙනල්ලා ලංකාවේ තැන්පත් කරන්න මේ අනුව හැකියාව ලැබෙනවා.

මේක මහා භයානක වැඩක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ආයුධ ජාවාරම්කරුවන්,  පගා ගහලා පිටරට හංගපු සල්ලි නැවත ගේන්න මේ  අනුව හැකියාව ලැබෙනවා.
එවැනි තත්ත්වයන් වලක්වන්න ලෝකෙ තියෙන මූල්‍යායතන එකතුවෙලා ජාත්‍යන්තර ආයතනයක් බිහි කරලා තියෙනවා. කලු ෂල්ලි සුදු කිරීම ගැන ශ්‍රී ලංකාවට ඉතා නරක ඉතිහාසයක් තියෙනවා

ඒ වගේම පහුගිය රාජපක්ෂ යුගයේදී මෙවැනි ගනුදෙනු නිසා රට පත්ව තිබූ අවදානම් තත්ත්වයෙන් මිදෙන්න භාණ්ඩාගාරයටත්, මහ බැංකුවටත් අවුරුදු තුනක් මහන්සි වෙන්න වුණා.

මේ රජය දේශපාලන වශයෙන් පමණක් නෙමෙයි ආර්ථික වශයෙනුත් බංකොලොත් වෙලා කියලා මේකෙන් පේනවා. ජාත්‍යන්තර නීති රීති පවා උල්ලංඝනය කරමින් කළු සල්ලි සිදු කරමින් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමෙන්ම එය තහවුරු වනවා.

මේ අයවැයේ බොහෝ සංඛ්‍යා ලේඛන වැරදියි. රජයේ ආදායම බිලියන 1961 එකක් කියලා එහි 51 වැනි පිටුවේ සඳහන් වෙනවා. තව තැනක එය බිලියන 2029 කියලත් සඳහන් වෙනවා. ඒ වගේම රජයේ සමස්ත වියදම බිලියන 3525 ක් ලෙස එක තැනක සඳහන් වෙනවා. තව තැනක එය රුපියල් බිලියන 3594 ක්  ලෙස දැක්වෙනවා.

මේ අයවැය සංවර්ධනය පිළිබඳ මිත්‍යාවක් සිදු කරලා තියෙනවා.  මේ අය වැය මඟින් ජනතාව මුළා කරන්න සංඛ්‍යා විජ්ජාවක් කරලා තියනවා.

ලක්ෂ 2කට ජල සැපයුම ලබා දෙන්න කියලා මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා. එක නිවසකට ජල සැපයුම ලබා දෙන්න ලක්ෂ 25ක් පමණ වැයවෙනවා. ඒ අනුව ගෙවල් 2000 කට පමණයි මේ මුදල් වලින් වතුර දෙන්න පුළුවන් වෙන්නේ.

රට ෆෝජී වලින් ආවරණය කරනවා කියලා මිලියන පහළොවක් වෙන්කරලා තියෙනවා. රුපියල් මිලියන 15 කින් එක ගොඩනැගිල්ලක්වත් හදන්න බැහැ.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් පනස් දහසක් හදන්නේ මිලියන විසි දහසක් වෙන්කරලා තියෙනවා. එක කිලෝමීටරයක් හදන්න රුපියල් ලක්ෂ හතරක් වගේ තමයි වෙන් කරලා තියෙන්නේ.
ග්‍රාමීය පාලම් දස දහසක් හදන්න් මිලියන හත්දාහක් වෙන් කරලා තියෙනවා. එක පාලමකට ලක්ෂ හතයි වෙන් කරලා තියෙන්නේ....

මෙතන කරලා තියෙන්නේ ඉලක්කම් සෙල්ලමක්. සාමාන්‍ය මිනිස්සු මුළා කරන ඉලක්කම් විජ්ජාවල් කරලා තියනවා. ජනතාව මුලා කරන සංඛ්‍යා ලේඛනයක් තමයි මෙවර අය-වැය විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ.

මේ අයවැය ලේඛනයෙන් තමන්ට ලැබෙන සංවර්ධනය මොකක්ද කියලා ලබන වසර මැදදී ජනතාවට බලාගන්න පුළුවන්.

අපේ රජය යටතේ ජනතාවගේ සුබසාධන සඳහා රුපියල් බිලියන 654ක් වෙන්කළා. එතකොට කොරෝනා  තිබුණෙත් නැහැ. ජනතාවට සහන දෙන්න ආපු මේ ආණ්ඩුව ඒ මුදලත් කප්පාදු කරලා තියෙනවා.

ජනතාවගේ සුබසාධන සඳහා 2020 වසරට වෙන්කරලා තියෙන්නේ  බිලියන 561ක් පමණයි. අපි දීපු මුදලෙනුත් බිලියන 93ක් කපලා.  2020  දී වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 581ක් පමණයි. මේ විදියට තමයි ජනතාවට සහන දෙන්න ආපු ආණ්ඩු අද කටයුතු කරන්නේ.



අදහස් (5)

’මෙවර අයවැයෙන් කළු සල්ලි සුදු කිරීමට ආණ්ඩුව කටයුතු කරලා’

Bamunuarachchi Monday, 23 November 2020 03:01 PM

ඉතින් ඔබටත් වාසි නේද?

:       1       88

Senarath Tuesday, 24 November 2020 03:37 AM

ඔයාගේ කලු සල්ලිත් ගොඩක් තියෙනවනේ. ඒවත් සුදුකරගන්න පුළුවන්නේ.

:       0       81

Bandara Tuesday, 24 November 2020 09:51 PM

ඒකට මොකද? ඔයාලගේ රැවුල් නැති අයට ලොකු රැවුල් දාගන්නත් කටයුතු කළානේ.

:       0       42

panittusome Wednesday, 25 November 2020 12:37 PM

ඊළඟට අපේ පරීක්ෂණ යොමුවන්නේ, ඔහේට කොහොමද හිටපු ගමන් නැව් ගොඩක් හම්බ වුණේ කියලා. හොඳයි ඔහොම යංකෝ...

:       0       24

Raveendra Thursday, 26 November 2020 09:03 AM

ඇම්ඩන්ගේ කටින්ම පේනවා "අති පිරිසිදු සුදුම සුදු සල්ලි" අතගාලා තියෙන්නේ කියලා.. මේ අය ‍තාමත් ලංකා භූමියේ හුස්ම ගන්නවනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 381 2

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 3866 21

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්
2024 ජුනි මස 11 1673 5

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1239 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’
2024 මැයි මස 28 2657 18

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පා


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 1417 17

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site