IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මුදල් දුන් කතාව චීනය ප්‍රතික්ෂේප කර නෑ - අජිත් පී පෙරේරා


 
නිමල කොඩිතුවක්කු         
 
පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක්  ඩොලර් මිලියන 7.6ක මුදලක් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව  චීන තානාපති කාර්යාලය මගින් ප‍්‍රතික්ෂේප කර නොමැති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
 
මේ පිළිබඳ ඉහළම මට්ටමේ පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කෙළ්ය.
 
බත්තරමුල්ල පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේ අද(02) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න  කිරීම් වලට පිලිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
 
අජිත් පී පෙරේරා මහතා  මෙසේ ද කීෙව්ය.
 
   ‘‘නිව්යෝක් ටයිම්ස් කියන්නේ අපිට සම්බන්ධ පුවත්පතක් නෙමෙයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත තොරතුරු සහිතව තමයි මෙම සිද්දිය  වාර්තා කරලා තියෙන්නේ.  මේ ගැන අපි දැනන් හිටියෙත් නැහැ.  මේ රටේ තියෙන අපරාධ පරීක්ෂණ ආයතන  කවදා මේ පරීක්ෂණ පටන් ගත්තද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. එහෙම පරීක්ෂණ වලට ඇඟිලි ගහන ක‍්‍රමවේදයක් අපිට ඇත්තෙත් නැහැ.
 
දේශපේ‍්‍රමීන්  ලෙස පෙනී සිටින තක්කඩි  දේශපාලඥයන් රට විකුණන්න  දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් ලෝකයේ ප‍්‍රබල  ආක‍්‍රමණකාරී  ආර්ථික ප‍්‍රථිපත්ති අනුගමනය කරන රාජ්‍යකින්   ලබා ගත්තා කියන මේ  කතාව ඇත්තද නැත්තද  කියන එක තමයි  වැදගත් වෙන්නේ.
 
චීන තානාපති කාර්යාලය මේ ගැන  නිවේදනයක් නිකුත් කළා. එම කිසිම අවස්ථාවක  චීන තානාපති කාර්යාලය මෙම කාරණාව ප‍්‍රතික්ෂේප කරලා නැහැ. ඔවුන් මෙම කාරණාව ප‍්‍රතික්ෂේප නොකරන  නිසා මෙතන මුදල් හුවමාරුවක් වෙලා තියෙන බව ඒකෙන් අපිට  පැහැදිලි වෙනවා. 
 
දැන් තියෙන්නේ මොකටද මුදල් ගත්තෙ කියලා බලා ගන්නයි.  මේ රට විකුණන්න  පදනම දාලා, මේ රට ණය උගුලක හිරකරලා  අනාගතයේ එන ආණ්ඩු වලටත්,  මේ රටේ ජනතාවටත් මහා විපතක්  වෙන විදියට මේ අය හිරකරලා තියෙනවා. මේක විතරක් නෙමෙයි  මේ අය තව දේවල් අරන් ඇති. මේ රටට ආදරය කරන මිනිස්සු කවුද, මේ රට විකුණුවේ  කවුද කියන ස්වාධීන සාක්ෂියක් තමයි නිව්යෝක් ටයිම්ස් හෙලි දරවු කරලා තියෙන්නේ.  පත්තරයක පළවෙලා මදි.  මේ පිලිබඳ ඉහළම මට්ටමේ පරීක්ෂණයක් කරන්න  ඕනෑ.’’
 



අදහස් (5)

මුදල් දුන් කතාව චීනය ප්‍රතික්ෂේප කර නෑ - අජිත් පී පෙරේරා

Raveendra Monday, 02 July 2018 10:36 AM

අම්මේ.. හතරපෝයට පස්වතාවක් සිල්ගන්න මේ අර ෆුට්නෝට් අය නේද මේ කතාකරන්නේ... බැංකුවේ හොරාකාපු මුදල් ටික අර්ජුන මොකක්ද කළේ මලය..?

:       1040       647

senarath Monday, 02 July 2018 12:36 PM

2010 ඡන්දෙට ආපු ඩොලර් මිලියන ගණන සොයන්න වුවමනා නැතිද? ඒවා තමා ඇත්තටම රට විනාශ කරන පරමාර්ථයෙන් එව්වේ. ඒ මුදල් ගෝනිවල දමාගෙන ගෙනියපු විදිය ඔක්කොමත් එළිවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඩොලර් මිලියන ගණන් බැංකු සේප්පු වල තිබිලත් අහු වුනා. ඒ විතරක් නෙමෙයි, ඒ මුදලෙන් රුපියල් මිලියන 800ක් විතර තවම උසාවිය බාරයේ තියෙනවා. ඒ මුදල නිදහස් කිරීමට හිටපු අධිකරණ ඇමැති, ඒ මුදල් ලැබුණු විදිය ෆීල්ඩ් මාර්ෂල් ගෙන් ඇහුවට උත්තර ලැබුනේ නැහැ. මේ සියලු දේ ඇතුවත් , ඒ ගැන නොසොයා මහබැංකු හොරු චීනෙන් ලැබුණු මුදල් ගැන සොයන්න යාම, ඉස්සා ඔලුවේ අශූචි තියාගෙන ඉන්නවා වගෙයි.

:       1062       916

MP Monday, 02 July 2018 01:58 PM

අනේ මේ දුප්පත් මිනිසුන්ගේ මුදල් මහ බැංකුව හොරා කාපු ඔහෙලා, මොනවද මේ කථා කරන්නේ?

:       999       508

kalani Tuesday, 03 July 2018 12:59 PM

මුදල් දුන් කතාව චීනය ප්‍රතික්ෂේප කළේ නැතුවා වගේම මහා බැංකු කොල්ලයත් ප්‍රතික්ෂේප වෙලා නැහැනේද?

:       0       114

Bamunuarachchi Thursday, 05 July 2018 12:20 AM

චීනය මහින්ද මහතාට සල්ලි දුන්නා කියලා රුපියල බාල්දු වුනෙත් නැහැ, බැංකු පොලී වැඩි වුනෙත් නැහැ, අර්ථසාධක මුදල් වල පොලියට තට්ටු වුනෙත් නැහැ. ඩොලර් මිලියන ගණනක සුරැකුම්පත් ආයෝජකයෝ ආපසු ගත්තෙත් නැහැ අවුරුදු 30 ගණනකට රටට බලපාන පාඩුවක් උනෙත් නැත. නමුත් මහා බැංකු වංචාවෙන් ඔය පාඩු සියල්ලම රටට වුනා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site