IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පළාත් සභා 9 ම මැතිවරණ දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතුයි

ඩයනා උදයංගනී

              දැනට විසුරුවා ඇති පළාත් සභා තුනේ සහ ලබන මස විසුරුවෙන පළාත් සභා තුනේ ඇතුළු පළාත් සභා හයෙහි හෝ හැකිනම් පළාත් සභා නවයේම මැතිවරණ ලබන දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

          ලබන වසරේ කාලය අහෝසි වන පළාත් සභා තුනේ මහ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කර පළාත් සභා නවයේම මැතිවරණ එක්වර පැවැත්විය හැකිනම් වඩාත් සුදුසු බව ඇමතිවරයා සඳහන් කළේය.

              එහිදී නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට කල් ගතවෙනවා නම් පැරණි ක‍්‍රමයටම හෝ මැතිවරණය පැවැත්විය යුතු බව ද ඉදිරි සති දෙකක කාලයේදී සියලූ දේශපාලන පක්‍ෂ කැඳවා මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.

              නව මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු පනතක් මගින් සම්පූර්ණයෙන්ම අහෝසි කර පැරණි ක‍්‍රමයට යා යුතු බවට, නව ක‍්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලූ විසඳීමට අවශ්‍ය සංශෝධන ගෙනැවිත් එම ක‍්‍රමය යටතේ ඡන්ද පැවැත්විය යුතු බවට හා සීමානීර්ණ ඇතුළු ගැටළු  විසඳා ගැනීමට කාලය ගතවන්නේ නම් එළඹෙන මැතිවරණය පමණක් පැරණි අනුපාත ක‍්‍රමයට පවත්වා පසුව එළඹෙන මැතිවරණ නව ක‍්‍රමයට පැවැත්විය යුතු බවට වශයෙන් මේ වන විට දේශපාලන මතවාද තුනක් තිබෙන බව කී ඇමතිවරයා නව ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට තමන් එකඟ නොමැති බව ද කීවේය.

              එය හැර ඉතිරි විකල්ප දෙකෙන් එක් ක‍්‍රමයකට ගොස් මැතිවරණය පැවැත්වීමේ ගැටලූවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

                මැතිවරණ කල්දැමීම ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන ප‍්‍රබල පහරක් බව ද ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 

              ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ජාතික හෙළ උරුම පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතිමිනි.

 



අදහස් (0)

පළාත් සභා 9 ම මැතිවරණ දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site