(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ඇතැම් පොලිස් නිලධාරීන්ගේ පහත් හැසිරීම් නිසා පොලිසියේ ගරුත්වය හා කීර්ති නාමය විනාශවන බව අපදා කළමනාකරණ හා වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.
රජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මුදල් පනත් හතරක් පිළිබඳ විවාදයේදීය.
පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.
‘‘අතීතයේ ගෞරවනීය පොලිස් නිලධාරීන් පොලිස් සේවයේ හිටියා.මේ නිලධාරීන් නිසා පොලිසිය එදා බැබළුණා.අපේ පැත්තේ එක ඕ.අයි.සී කෙනෙකු නිතර යන ගෙදරක තිබිලා හොර අරක්කු තොගයක් පසුගිය දවසක අල්ල ගත්තා.තවත් ඕ.අයි.සී කෙනෙක් නිතර ඉන්නේ මත්පැන් බීලයි.පොලිසි ප්‍රධානීන් මේවා බලන්න ඕන. වගකියන්න ඕන.
එවැනි අය පත් කිරීම ගැන පොලිස්පතිවරයාට කතා කළාම ඔහු ක්‍රමවේදයක් තියනවා කියලා කිව්වා.
උදේ ඉදලා රෑ වෙනකම් බොන අයයි. අපරාධයක් පාලනය කර ගන්න බැරි අයයි , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රකින අය පත් කිරීමද ඒ ක්‍රමවේදය.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත කාලයේ දේශපාලකයන් නිසයි පොලිසියේ ගරුත්වය විනාශ වුනේ... ඔබතුමන්ලාගේ ගරුත්වය ආරක්ෂා කරගෙනද මේ කතා කරන්නේ...? "රට කන්නේ පාලක සහ පූජක පක්ෂය" බවට අද රටේ ජනප්‍රිය කතාවක් පවතින බවට මතක්කර දීමට අපි කැමැත්තෙමු.
දැන් පොලිස් නිලධාරීන් වොඩ්කා බෝතල් වල වතුර ගෙනියන නිසා ගරුත්වය විනාශ වෙලා .