නාලක සංජීව දහනායක
පුංචි කාර්වලට අධික බද්දක් පනවමින් තාරුණ්‍යයේ සිහින විනාශකර දැමීමට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (2) පැවසීය.
යහපාලන ආණ්ඩුව ජනතාවට සහන ලබදීම වෙනුවට පුරවැසියන්ගෙන් පළිගනිමින් සිටින බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
මැතිවරණ කල්දමමින්, ජනතාව මත අධික ලෙස බදුබර පටවමින් සහ බඩු භාණ්ඩවල මිළ ඉහළ දමමින් නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුව පුරවැසියන්ගෙන් පළිගන්නවා. මේ ආණ්ඩුවෙන් ජනතාවට කිසිම සහනයක් බලාපොරොත්තුවෙන්න බැහැ.
ආණ්ඩුව බලය ගන්න ජනතාවට නොයෙක් ආකාරයේ පොරොන්දු දුන්නා. පුංචි කාර් සිහිනය, ෆ‍්‍රී වයි, රැකියා දස ලක්‍ෂයක් දීම, ෆොක්ස් වැගන් කර්මාන්තශාලාව වැනි තරුණ පරපුර ආකර්ෂණය වන බොහෝ පොරොන්දු දුන්නා. නමුත් දැන් ආණ්ඩුවට ඒ පොරොන්දු අමතක වෙලා. පොරොන්දුවලට වෙච්ච දෙයක් නැහැ. විශේෂයෙන්ම තරුණ පරපුර බලාපොරොත්තුවක් වූ පුංචි කාර් සිහිනය අද සැබෑ නොවන සිහිනයක් වෙලා. ජනතාව මත අධික බදු පටවමින් මේ ආණ්ඩුව වාර්තාපිට වාර්තා පිහිටුවා තිබෙනවා.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
377
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1644
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පුංචි කාර් වලට බදු පනවා තරුණ්‍යයේ සිහින විනාශ කරනවා’
දිසානායක Friday, 03 August 2018 12:09 AM
කන්න, අදින්න, අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න බැරිව ඉන්න අපට කාර් කියන්නෙ පාන් නැතිවට කේක් වගේ
Saththaya Friday, 10 August 2018 08:42 AM
හරිම වැරදියි ඒවායින් රේස් පදින්නත් බැහැ.