IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ජේ.ආර්. ගේ මුනුපුරු පොහොට්ටුවට සහාය දුන්නේ ඇයි?

ඇත්තද මේ කතා?

 

ජේ. ආර්ගේ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන

  • ජේ.ආර්. අපේක්ෂා කළ එජාපය අද නැති නිසා ගෝඨාභයට සහාය දෙනවා.

 

ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කළ එක්සත් ජාතික පක්ෂය අද නොමැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ප්‍රදීප් ජයවර්ධන මහතා කීය.


හිටපු ජනාධිපති ​ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුනුපුරා වූ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ගත් තීරණය ගැන මෙසේ කීය.


ප්‍රශ්නය:- ඔබේ සීයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වී සිටියා. ඔබ දැන් ගෝඨාභයට සහාය දක්වන්නේ ඇයි?


පිළිතුර:- බැසිල් රාජපක්ෂ මහතා සමග සම්බන්ධ වී මා කටයුතු කළේ 2005 වර්ෂයේ සිටයි. සුනාමියෙන් පසු හම්බන්තොට, කිරින්ද ප්‍රදේශයේ නිවාස හැදීමට මා විදේශ ආයතනයක් සමග සම්බන්ධ වුණා. ඒ කාලයේ දී මට මහින්ද රාජපක්ෂ මහතා සමගත් සම්බන්ධ වීමට සිදුවුණා. ඒ වන විට සිදු වූ විනාශයෙන් ගොඩ ඒම ජාතික අවශ්‍යතාවක් වී තිබුණා.


ඉන්පසුව 2010 දී විදේශ රටවලින් අපේ රටේ මානව අයිතීන් උල්ලංඝනය කළ බවට විශාල බලපෑමක් ආවා. චැනල් 4 සිද්ධියත් සමඟ එම චෝදනාව ඇති වුණා. මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරන චෝදනා රටේ ස්වෛරී බවට විශාල බාධාවක් වුණා. මම මේ ප්‍රශ්නය ගැන විදේශ විද්වත් පිරිසක් සමග සම්බන්ධ වී සිටියා.
අපේ රටට වඩා මේ වැනි ප්‍රශ්න දුරදිග ගිය රටවල් ගණනාවක් තිබෙනවා. යුගෝස්ලෝවියාව, සුඩානය වැනි රටවලට මෙවැනි බලපෑම් ඇති වී තිබුණා. ඒ තත්ත්වය මත 2010 රටට එරෙහිව තිබූ චෝදනාවලින් නිදහස් වීමට වැඩ කළා. 2011 ජර්මනියේ ශ්‍රී ලංකා කොන්සල්වරයා වශයෙන් පත් වූ විටත් මගේ නිල රාජකාරියක් නොවුණත් මා දිගටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.


මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට එරෙහිව මා කටයුතු කළා. 2015 දී ප්‍රචාරක යුද්ධයෙන් අප පැරදුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්දයෙන් පැරදුණා. මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයට අමතරව දූෂණ චෝදනා එල්ල කළා. රටේ යහපතට කළ සෑම දෙයක්ම අනිත් පැත්ත ගැහුවා. පාරක් හැදුවත් ඒකෙන් විශාල කොමිෂන් ගැහුවා කියල චෝදනා කළා. ලංකාවෙ හදපු පාරකුයි අප්‍රිකාවෙ හදපු පාරකුයි ගණන් බලල අපහාස කළා.


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ රජයට මේ චෝදනා කිරීමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක් ද?


පිළිතුර:- රජය පැරදුණ පසු, රට අල්ලා ගැනීමේ ක්‍රමයක් ලෙසට මේ චෝදනා ඉදිරිපත් කළ බව පැහැදිලියි. මා සමඟ වැඩ කළ විදේශ විද්වතුන් මේ තත්ත්වය ගැන කල් ඇතුවම මට කියා තිබුණා. අපි මේ ගැන සාකච්ඡා කරලත් තිබෙනවා.


මේ පවතින රජය මේ රටෙන් පත් වූ එකක් ලෙසට මා දකින්නේ නැහැ. මේක විදේශිකයන් එක්වී පත් කළ රජයක්. විදේශවලට අවශ්‍ය සියලු දේ කරගෙන යනවා. නව ලිබරල්වාදී සංකල්පය මත මේ රට විදේශ ධනවතුන්ට විවෘත කරමින් ඉන්නවා.


රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ රටේ ජනතාව ගැන, රට ගැන විශ්වාසයක් නැහැ. ඔහු වි​දේශයන් ගැන විශ්වාසය තබා කටයුතු කිරීම ගැන මා මුළුමනින්ම විරුද්ධයි. ඊට වඩා ප්‍රබල හේතුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමයයි. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පමණක්ම විදේශිකයන්ගේ අරමුණ වී තිබුණේ නැහැ. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමයෙන් බිහි වූ ශක්තිමත් නායකයෙක්. ඔහුට යුද්ධය පරාජය කිරීමට හැකි වූයේත් විධායක ජනාධිපති ක්‍රමය නිසයි. විදේශිකයන්ට මේ විධායකය බරපතළ ප්‍රශ්නයක්. තවත් විධායක ජනාධිපතිවරයෙක් බිහිවීම වැළැක්වීමට විදේශිකයන්ගේ තවත් බරපතළ අරමුණක්. ජේ.අර්. ජයවර්ධන මහතා හැදූ බලවත් ව්‍යාපාරය වූ මහවැලි ව්‍යාපාරයට වඩා ශක්තිමත් වූ විධායක ජනාධිපති ක්‍රමය විනාශ කිරීමට ඔවුන්ට අවශ්‍යයි. ගෝඨාභයට සහාය දක්වන එක ගැන මගෙන් මිනිස්සු මෙහෙම අහන එකත් පුදුමයි.


ප්‍රශ්නය:- ඔබ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ මුණුපුරා


පිළිතුර:- නෑ මම ඔබට කිව්වා නෙවෙයි. පොදුවේ අහන දෙයක්. මෙතැන ජේ.ආර්ගේ එක්සත් ජාතික පක්ෂය නැහැ. ඒ පක්ෂය අමුතුම කල්ලියක් අල්ලගෙන ඉන්නෙ. සැබෑ පාක්ෂිකයො ඉවත් වී ඉන්නේ. ​මේ කල්ලිය එළියට ද‌ාල හැබෑ එක්සත් ජාතික පක්ෂයක් අවශ්‍යයි.


ප්‍රශ්නය:- එය සජිත්ට කළ නොහැකි ද?


පිළිතුර:- සජිත්ට එය කළ නොහැකියි. සජිත් අවුරුදු 25 ක් 30 රනිල් වික්‍රමසිංහ මහත්තය යටතේ සිටි කෙනෙක්. එතුමාට සැබෑ නායකත්වයක් සඳහා ඕනෑතරම් අවස්ථා ලැබී තිබුණා. ඒත් තීරණයක් ගත්තෙ නැහැ. අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි නම් සැබෑ නායකත්වයක් ලබන්න බැහැ.


ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ නායකත්වයක් තිබෙනවා ද?


පිළිතුර:- ඔව්. ඔහු ශක්තිමත් නායකයෙක්. ඔහුට ඇති හැකියාව යුද සමයේ පෙන්නුම් කළා. අමාරු තීරණ ගත්තා. තද තීරණ ගත්තා. අභියෝග ජයගත්තා.


ප්‍රශ්නය:- ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට බලාපොරොත්තු වෙනව ද?


පිළිතුර:- ඔව්. මා කොළඹ සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරනවා. එහි අවසානය පාර්ලිමේන්තුවට පත්වීමයි.  

 

 

දයාසීලි ලියනගේ



අදහස් (2)

ජේ.ආර්. ගේ මුනුපුරු පොහොට්ටුවට සහාය දුන්නේ ඇයි?

RSN Friday, 11 February 2022 01:11 PM

එලකිරි ❤️

:       0       0

RSN Friday, 11 February 2022 01:13 PM

එලකිරි ❤️

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site