(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සංවාදයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී වන අතර ඉක්මනින් හොඳම අපේක්ෂකයා තෝරා ගන්නා බවද මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.
ඇමරිකාව වැනි රටවල පවා අපේක්ෂකයින් තෝරා ගන්නේ තරඟයකින් බවද එවැනි ක්‍රම සමහරුන්ට නොතේරීම වහල් තත්වයකැයිද එහිදී මංගල සමරවීර මහතා කීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා කීවේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පිළිබඳව තීන්දුවක් ගත යුත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් වන බවය.
COMMENTS
එතකොට ජනතාවගේ නියෝජිතයින් වියයුත්තේ කවුද කියා පක්ෂ නායකයින් විසින් තෝරා, එම ලැයිස්තුවට ජනතාකැමැත්ත විමසීම ප්‍රජාතන්ත්‍රවාදීද?
ඇමරිකාව ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගන්න විදිය ගැන බොරු කියා ජනතාව රවටන්නට එපා. ඇමෙරිකාවේ පක්ෂයක ජනාධිපති අපේක්ෂකයා වීමට පක්ෂයේ සාමාජිකයින්ම අතරේ මුලික මැතිවාරණයක් පවත්වනවා.එකට ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට ඉදිරිපත්වීමට පුළුවනි. එම මුලික මැතිවරණය පවත්වන්නේත් මැතිවරණ කොමිසම මගින්මයි. මේ දින වල ඉදිරි මැතිවරණය සඳහා ඒ මුලික මැතිවරණ පැවැත්වෙනවා. එසේ මැතිවරණ කොමිසම මගින් එම මැතිවරණ පැවැත්වන්නේ දුෂණ වලක්විමටයි. එහිදී පක්ෂයේ ජනාදිපති අපේක්ෂකයා ලෙස ක්‍රියාකාරි දේශපාලනයේ නොසිටි අයෙකුට උනත් පක්ෂ සාමාජික කැමැත්ත ඇතිනම් අවස්ථාවක් ලැබෙනවා. කෘත්යදිකාරී මණ්ඩල වලට අරවට මේවට එය පාලනය කිරීමට හැකියාවක් නැහැ. ජනාධිපති ට්‍රම්ප්ගේ පත්වීමත් එවැන්නක්. එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා නොදන්න බයිලා ගසා ප්‍රජාතන්ත්‍රවාදය විකුණගෙන කන්නට දඟලන්නට එපා.
මිස්ටර් බීන් ළඟදීම රටපුරා තාප්ප සරසාවී....
අන්න එහෙම බටර් පාරක් ගගා ලඟින්ම ඉන්න අර බාබුවා වගේ. නැතිනම් අරගොල්ලෝ හොරෙන් කතාකරලා එ් පැත්තට ගන්න ඉඩ තියෙනවා.
දේශපාලන පක්ෂයක කෙනෙක් හෝ පිරිසක් පක්ෂයේ විනය නොතකා පක්ෂයේ තීන්දුවකින් තොරව හිතුමතේ අනාගත ජනපති යයි කියා දැන්වීම් ගසා ජනරැලි පැවැත්වීම විනයක් නැති පාලනය කළ නොහැකි අනාගත පරපුරක් බිහිකිරීමට දෙන වැරදි පුර්වාදර්ශයකි. එවැනි ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී යයි කීම ලංකාව බෞද්ධ රටක් නොවේ කීවාසේ සමාව දිය නොහැකි අමන කතාවක් පමණි. දේශපාලනය කරන අය කථා කළයුතු ප්‍රජාතන්ත්‍රවාදය වන්නේ ස්වාධීන අධිකරණයක් ඇතුළු ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ආණ්ඩු හා විරුද්ධ පක්ෂවලින් සමන්විත ජනතා නියෝජනයක් සහිත ප්‍රබල වූ පාර්ලිමේන්තුවක පැවැත්මට අදාල ජනපති සහභාගීත්වයයි. ඒ ප්‍රජාතන්ත්‍ර සමාජය මෝදුවන්නේද මෙතෙක් පැවති ඒකාධිපති පැවැත්ම එසේ පවත්වා ගැනීමට දරණ ප්‍රයත්නය නොහොත් දැන් පවතින අර්බුදය සමනය වීමට සමගාමීවය. නියම ප්‍රජාතන්ත්‍රවාදය මෝදු වෙද්දී ගෙවල් හැදීම පමණක් නොව සියල්ල නීත්‍යනුකූලවම කළයුතු වන්නේය. ඒ සඳහා නව නීති සම්පාදනය කළයුතුව ඇත. දැනටමත් රනිල් ඒ බැරෑරුම් ප්‍රජාතන්ත්‍රවාදීකරණය අවුලකින් තොරව කර හමාරය. රාජ්‍ය තාන්ත්‍රික ඥාණය ඇති නායකයෙකුගේ රාජ්‍ය පාලනය යනු මෙවැනි කාර්යයන් කිරීමයි.