(නිමල කොඩිතුවක්කු)
විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා වන ඉසෙඩ් ස්කෝර් ක‍්‍රමය අහෝසි කරමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරමින් නිදහස් අධ්‍යාපනයේ මළගම සිදු කිරීමේ උත්සාහයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
නිදහස් අධ්‍යාපනය තුළින් ගොඩනැගුනු තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්ථකාල ශ‍්‍රවණාගාරයේ අද (4) පැවති තරුණ වෘත්තියවේදීන්ගේ හමුවකට එක්වෙමිණි.
තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය අහිමි කර රට යලිත් වැඩවසම් යුගයක් කරා ගෙනයාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව මුවාවෙන් බලයට පැමිණීමට උත්සාහ කරන ගෝඨාභය රාජපක්ෂ අවසානයේදී නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය රටට අහිමි කරනු ඇති බවත් පැවසූ අග‍්‍රාමාත්‍යවරයා එවැනි කිසිදු උත්සාහයකට රාජපක්ෂවරුන්ට ඉඩ නොදෙන බවත් සඳහන් කළේය.
COMMENTS
බලන්න ඔබතුමා මොන තරම් දක්ෂද? ගෝඨාභය උත්සහ කරනකොට ඔබතුමා කරලත් ඉවරයි. ගෝඨාට ඔබ තුමත් එක්කල හැරෙන්නවත් බැහැ.
රටම කාලා ලොකු කතා කියනවා.
අනිත් කෙනාගේ අඩුපාඩු කතා කිරීම තමා අපේ රටේ දේශපාලුවන්ගේ ප්‍රධානම සහ එකම කටයුත්ත. මොන තරම් නිවටද? ඇහුවොත් නම් මේ අය කියන්නේ අපි තමයි මහත්මා දේශපාලනය කරන්නේ කියලා. නමුත් අනිත් කෙනාගේ රෙදිමයි හෝදන්නේ.