(නාලක සංජීව දහනායක)
අලුතින් පත්වන ජනාධිපතිවරයාට බලයක් නැති බවට කතාවක් පැතිර ගියත්, ගෝඨාභය රාජපක්‍ෂ වැනි දක්‍ෂයකුට වැඩ කිරීමට එය එතරම් ගැටලුවක් නොවන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (4) පැවැසීය.
ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔහු රටට කළ සේවය දෙස බැලූවිට ජනාධිපතිධූරයට පත්වූවිට වැඩ කරන ආකාරය සියල්ලන්ටම බලාගත හැකි වනු ඇතැයිද ඔහු කීය.
විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.
“මීළඟට පත්වන ජනාධිපතිවරයට බලයක් නැහැ කියල දැන් කතාවක් පැතිරෙනවා. ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කළ වැඩ කොටස දෙස බැලූවිට ඔහු ජනාධිපතිවුවහොත් රටට වැඩකරන ආකාරය බලාගන්න පුළුවන්.
දේශපාලනයේ නායකයෝ ඕනතරම් ඉන්නවා. අද අපිට අවශ්‍යවෙලා තියෙන්නේ මේ රටට වැඩ කරන්නයි. අපි මේ අපේක්‍ෂකයාගෙන බලාපොරොත්තුවෙන්නේ නිවරදි නායකත්වයක් යටතේ රට ඉදිරියට ගෙන යන්නයි. ඔහු වැඩකරල පෙන්නපු නායකයෙක් නිසා ජනාධිපතිතනතුරට පත්වෙලත් ඔහු වැඩ කරාවි කියලා අපි බළාපොරොත්තු වෙනවා. රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව මෙය බැවින් ඔබ මේ මැතිවරණයේදී එකතුවෙලා වැඩ කළ යුතුයි” විපක්‍ෂනායකවරයා කීය.
කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (4) පැවැති කුඩා තේවතු, රබර් වගාකරුවන්, කිරි ගොවීන් හා සුළු අපනයන භෝග ගොවි සංවිධාන නියෝජිත සමුළුවට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ලොක්කට වයර් මාරුවෙලා වගේ පේනවා..! [" ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කළ වැඩ කොටස දෙස බැලූවිට ඔහු ජනාධිපති වුවහොත්.....] ඉතින් හලෝ මෙතරම් විශාල මුදලක් වැයකරලා ජනාධිපතිවරණයට පවත්වන්නේ මොන කෙන්ගෙඩියකටද? ඔය දැන් ඉන්න ආරක්‍ෂක ලේකම්වරයාට රටේ තියෙන ලොකුම පුටුව භාරදීලා ඒ ජොබ් එකත් කරන්න කියන්නකෝ...? වැඩේ සිම්පල්නේ...! මැදමුලන ලොක්කට ඇත්තක් කියැවුණා. කොහොම වුණත්..එනම් : "ඔහු ජනාධිපති වුවහොත්.." අයියාට, මල්ලිගේ අනාගතය ගැන ෂුවර් නැහැ.. වගෙයි.
ඇමරිකන් පුරවැසියෙක් විදිහට ඉන්නකොට ඡන්දෙ දැම්මේ කොහොමද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද?