IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොබෙයියන් සමඟ සටනට වටු කුරුල්ලන් නොව රාජාලියකු දැමිය යුතුයි

(කාංචන කුමාර ආරියදාස)

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු  ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමඟ සටන් කිරීමට වටු කුරුල්ලන් හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැතැයි ද ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි  ද එම රාජාලියා සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුව දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී අද (13) පැවති මේ බව කීය.

එම හමුව සඳහා සභාපති දුමින්ද බණ්ඩාරනායක ජාතික ලේකම්  මාර්ටින් වික්‍රමසිංහ සහ තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා මෙසේ කීය.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා නම් කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ලබන 18 දා සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවත් එහෙත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි වී තිබෙන බවය. කඩිනමින් එය පත් කළ යුතු යැයි ප්‍රකාශ කළ හෙතෙම කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස උතුර නැගෙනහිර සහ දකුණු ඉල්ලන එකම නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා බවය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස  සජිත්  ප්‍රේමදාස මහතා නම් නොකළහොත් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා ගන්න ඕනෑම තීන්දුවක් තීරණයක් සමඟ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය ඒකරාශී වන බවද සභාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකදී පිළිතුරු දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ අපේක්ෂකයන් ලෙස රටම ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එය මහින්ද රාජපක්ෂ මහතා අනුමත කරමින් ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළ නිසා රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලෙසය.

විරුද්ධ පක්ෂයෙන්   හොඳම දුවන්න පුළුවන් අශ්වයා ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති නිසා එක්සත් ජාතික පක්ෂයෙන් දිවීමට ඇති හොඳම ශක්තිමත්ම අශ්වයා සජිත් ප්‍රේමදාස මහතා බවත් තම පක්ෂයේ සිටින අනිත් අයට ගෝඨා සමඟ දිවිමට පාදවලට ශක්තියක් නොමැති බවද එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

රවී කරුණානායක,පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න  පිරිස  පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණය කරන බවද කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයට හොරා නාමයක් ගෙනාවේද රවී කරුණානායක බව කියා සිටියේය.

රවී කරුණානායක මහතාට මොලේ අමාරුවක් තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඇති පෞද්ගලික ආරවුලක් නිසා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරන බවත්ද  අකිල විරාජ්, පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න යන අයට අවශ්‍යතාවය පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී සිටීමට බවද හෙතෙම කියා සිටියේය.



අදහස් (3)

කොබෙයියන් සමඟ සටනට වටු කුරුල්ලන් නොව රාජාලියකු දැමිය යුතුයි

samurai Tuesday, 13 August 2019 01:16 PM

මීහරකා යන්නේ බූරුවත් එක්ක සටන් කරන්නලු.

:       0       3

de silva Wednesday, 14 August 2019 04:28 AM

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම කැඳවලා (ලිස්ට් එකෙන් පත්වෙච්ච අය හැර) කවුද ජනපතිවරණයට යවන්නේ කියලා ඡන්ද විමසීමක් කළා නම්.., ප්‍රශ්නේ නිකන්ම විසඳෙනවා. ඔවුන් තමා පාක්ෂිකයන් විසින් කෙලින්ම ඡන්දෙන් පත්කරලා එවන පුද්ගලයන් එතකොට පාක්ෂිකයින්ගේ මත ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් එජාපය නියෝජනය කරන නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා එකතු කරලා ඡන්දයක් තියන්න. එතකොට බිම් මට්ටමේ සාමාජිකයන් නියෝජනය වෙනවා. නැතුව රෝයල් ගැන්සිය එකතුවෙලා ගන්න තීරණවලට මුළු රටේම එජාප පාක්ෂිකයෝ ඡන්දෙ දේවි කියලා සිතන්න බැහැ .

:       0       4

thilakasiri Thursday, 05 September 2019 11:05 AM

1971 යුද හමුදාවට බැදුණු 1987 සරත් ෆොන්සේකාත් සමග වඩමාරච්චි සටනේ හිටි 1992 සිට වසර 27ක් ලොව දියුණුම බලවත්ම රටවන ඇමරිකා පුරවැසියෙකු වූ 2005 සිට 2015 දක්වා ආරක්ෂක ලේකම් පදවිය දරමින් තම සොයුරු වූ එවකට ජනපතිව හිටි මහින්දගේ නියම සම්බන්ධතාවය යුධ වීරයා වූ සරත් ෆොන්සේකාට ලබාදෙමින් 2009 කොටි සටන ජයගන්න නිවැරදිව සහාය දුන් ගෝඨාභය ගැන සලකා බලද්දී 2001 රනිල්ගෙන් සෞඛ්‍ය උප ඇමතිකම ලබාගත් දා පටන් රනිල්ව එලවා එජාපයේ බලයගන්න ගල්මුල් වලින් පක්ෂ කාර්යාලයට ගහන්න තරම් බොළඳ වූ සජිත්ගේ මානසික පිස්සුව පාලනය කරගන්න පක්ෂයේ නියෝජ්‍ය නායකකම දී 2015දී නිවාස හා ඉදිකිරීම් ඇමතිකමත් දුන්නු රනිල්ව කොහොමහරි පන්නලා පක්ෂයේ බලේ ගන්න අදත් පක්ෂේ අනුමැතිය නැතිව මමයි 2020 ජනපති කියාගෙන එන 70 දශකයේ මානසිකත්වයක පසුවන සජිත්ට ඇත්තේ රනිල්ට පහර ගැසීමට අමතරව මේසන් බාස්ලා ලවා ගෙවල් හැදවීම පමණයි. ඝෝටගේ අහලකින්වත් සජිත් තියන්න පුලුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28489 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18197 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10973 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site